IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

(නිමල කොඩිතුවක්කු)

කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ  සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගෘහ ආශ්‍රීතව සැරිසරන බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වන සතුන් ලෙස හදුනාගෙන ඇති  වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් ඉලක්ක කරගනිමින් ලබන මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාළයක් තුළ මෙම සංගනනය සිදුකරන බව එහි අතිරේක ලේකම්(කෘෂි සංවර්ධන) දිස්නාරත්නසිංහ මහත්මිය පැවසුවාය.

එම කාල සීමාව තුල තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්යේභූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදු කළ යුතු බවත් තිරේක ලේකම්වරාය කීවාය.

මෙම සංගනනයේ දත්ත පදනම් කරගනිමින් මෙම සතුන් පාලනය සඳහා කළමනාකරන ක්‍රම ඉදිරියේදි සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ(3)පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.

මෙම සංගනනය ගෘහ ආශ්‍රීතව පමණක්  සිදු වන බවත් නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඒ සඳහා සහයෝගය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අතිරේක ලේකම්වරිය පැවසුවාය.

මෙම සංගනන කටයුතු දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන බවත් ග්‍රමසේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමෙන් තොරතුරු රැස් කරන බවත් ඇය කීවාය.

මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීමසහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.



අදහස් (2)

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

අශෝකමාලා රත්නායක . Tuesday, 04 March 2025 12:22 AM

විනාඩි 5න් නම් කරන්න බෑ..රිලව් රංචුව එන්නෙ වෙලාව බලල නෙමේ..අද 10 ට එන රිලව් රංචුව හෙට එන්නෙ හවසට ..එහෙම ඇවිත් දවසට කුරුම්බා ගෙඩි 10 විතර බොනව..දඩ ලේන දවසෙම පොල්ගස් උඩ..උකුස්සා වගේ සතුන් දැන් නෑනෙ..ඒ නිසා තමයි ..සත්ව ගහනය අසමතුලිත වෙලා තියෙන්නෙ..

:       0       2

Mahesh Tuesday, 04 March 2025 09:29 AM

බරපතළම ලෙසට අපේ වගාවට නම් හානි කරන්නෙ පොල් හොරු පමණයි .උන්ට කියල අඩුමිලට පොල් ගෙන්වාගන්න මිනිස්සුත් හොරු කඩන පොල් ගබඩාකර ගන්න මිනිස්සු ඒවා විකුණන මින්ස්සුත් වගාවට බරපතළම හානි කරන සතුන් හැටියට හදුන්වා ගන්න පුලුවන්. ඒත් ඒ සත්තු රාත්‍රියේ එනවා දහවල් කාලයේ එනවා .උන් ගැනත් ආකෘති පත්‍රිකාවේ කොටසක් වෙන් කරන්න .නිකම්ම සතුන්ට පමණක් වරද පටවන්න එපා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 136 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 86 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 9 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ
2025 මැයි මස 14 18 0

වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 168 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 983 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1338 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 407 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site