(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය වේලාසිය මාර්ගයෙ ජෝෂප් වත්ත ප්‍රදේශයෙ පිහිටි කාලි මැණියන්ගේ කෝවිලේ සියලු ප්‍රතිමා විනාශ කර පිත්තල ප්‍රතිමා හා ත්‍රිශූලය සමග පඩුරු පෙට්ටිය සොරා ගෙන ඇති බව මදුරන්කුලිය පොලිසිය.

පොලිසිය පවසන්නේ ප්‍රදේශයෙ ජනතාව විසින් පවත්වාගෙන ගිය මෙම කාලි කෝවිලේ තිබු අඩි දෙකකට ආසන්න ප්‍රතිමා දෙකක් බිම දමා කුඩු කර ඇති බවයි.

ඒ සමගම කුඩු කර දැමු කාලි මැණියන්ගේ ප්‍රතිමා අසල තිබු පිත්තලින් නිම කර තිබු ත්‍රිශුලයක් සමග කාලි ප්‍රතිමා ඇතුළු දෑ සමග පඩුරු පෙට්ටිට මෙසේ සොරා ගෙන ඇති බවයි.

අදාල කාලි කෝවිල මදුරන්කුලිය නගරයෙ සිට වේලාසිය මාර්ගයෙ කිලෝ මිටරයකට ආසන්න දුරකින් පිහිටා තිබේ.