(අංජුල මහික වීරරත්න)
නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර ඇතුලත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ නව ගමන වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් යැයි කීය.
රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... ඔක්කොම හරි... ගෙදර යන්න මාස කිහිපයයි.
රනිල්ට බැරිද තීරණ ගන්න ජනතාවට බරක් නොවී... නමුත් මේ වනතෙක් ගත්තු තීරණ ජනතාවට දුන්නේ පුදුම බරක්... දැන් ජනතාව හොම්බෙන් යන්නේ... කකුල් පණ නැහැ ඇවිදගෙන යන්න...
ඒ බන් අවජාතකයෝ නුඹලා සැපවිඳින අපේ සල්ලි වලින් අපේ මුදල් අවභාවිතා නොකර හිටපල්ලා දැන්වත්...
මෙයාගේ යහපාලන කලේත් රජයේ දෙපාර්තමේන්තු හුඟක් පාඩුලබමින් රජයේ බැංකුවලින් ණයට මුදල් අරන් පවත්වාගෙන ගියේ..., ආණ්ඩුව හදිසි විදේශ ණය විදිහට ISB ගත්ත ගිනි පොළියට ඒත් ඒ කාලේ මෙහෙම ගියොත් රට බංකොළොත් වෙයි... මෙහෙම කරන්න බැහැ කියලා මෙයා කියනවා ඇහුණද? කට්ටිය වැඩි හරියක්ම හිටියේ රට සවාරිවල... චූන් එකේ, දැන් වැටුණාට පස්සේ එනවා අපිට බණ කියන්න...
තීරණ ගන්නේ රට වෙනුවෙන් කියලා හරි අපූරුවට පේනවා. බිලියන ගණන් බදු නොගෙවා ඉන්න ගජමිතුරු ජාවාරම් කාරයින්ගෙන් සතපහක් අය කරන්නේ නැහැ. අත දිගහැරලා සීනිබදු වංචා කරලා ගසාකන්න ඉඩ දෙනවා. අර සුප්‍රීම් සැට් මගඩියට වංචා කළ ඩොලර් මිලියන 320 ගැන එකෙක්වත් වචනයක් කියන්නේ නැහැ. මේ අපිවම මරණ කන්න හදනවා. අපි ඔහේට ඡන්දයක් දුන්නෙත් නැහැ... මේ විදියට කොහේවත් යන මිනිහෙක්ගේ සපත්තුවට පෑගෙන්න. හරි අපි බලමු ඊළඟ මැතිවරනෙන් පස්සේ හොඳේ...!
ආයේ පාර්ලිමේන්තුවේ අර බූරුවෝ 134 දෙනාගේ ඡන්දෙන්වත් බලයට එන්න බැරිබව දන්න නිසයි ඔය කතාව කියන්නේ. ලබන ආත්මේ ඔබ මේ රටේ වත් නොඉපදේවා...!
මිනිස්සුන්ගේ බදුමුදල් රටේ දේපළ විකුණලාද ඔය සංවර්ධනය කරන්නේ...?
නන්දසේනට වැඩනම් හොඳයි...!
පින් ජනපතියා තීරණ ගන්නේ දූෂිත පවුල් පාලනේ අයට ඕනෑ විදියට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ජනාධිපතිවරණය තියන්නකෝ. රටේ ජනතාව පෙන්නලා දෙයි රටෙ වෙනුවෙන් තීරණ ගන්න හැටී මේ තරම් ලෝකේ දියුණු වෙලා තියෙද්දිත්. ඔබලා වගේ. කාලකණ්ණින්ට. රට පාලනය කරන්න දෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ... මොවුන් එකතුවෙලා රට හොරාකාලා. සේර්ම විකුණන් කාලා. ඒ මුදල්. පොලිසියට, හමුදාවට වියදම් කරමින් හොරුන් ආරාක්ෂා කරනවා ළමයෙක්වත් නැති කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ...? දරු කැක්කුම නැති කෙනාට. පපුව උණු වෙන්නේ නැහැ. රටේ නායකකම ගන්න බුද්ධාගම වැළඳ ගත්තා. තවමත් බැරිවුණා ජනතාවගේ කැමත්තෙන්... නායක වෙන්න. ඔබලා සේරම 2024... හිර ගෙදරට යනවාමයි. මම් නම් ඔබලාට. ගෙදර යන්න කියන්නේ නැහැ. අනුර කුමාරට කියලා දඩුවම් දෙනවාමයි. කාපුවා වමාරන්න...!
වසර හතලිස් පහක් පාර්ලිමේන්තුවේ හිටියා පස් වරක් අගමැතිකම් කෙරුවා දහඅට මාසයක් විධායක ජනාධිපතිකම් කෙරුවා එචිචර කාලයක් නිළබල තනතුරු දරලා කෙරුවේ රට හදන එක නොවෙයි, විනාශ කරන එක. එහෙව් එකා තව මාස දොලහකින් රට හදයි කියලා අද ඉපදුන පොඩි එකෙක්වත් විශ්වාස නෙකරන බව මේ හරකා දන්නේ නැහැ.
මෙයා ඉතින් මුලු රටට වඩිය අදරෙ සාගලටනෙ, පුදුමයක් නෑ මෙහෙම හිතන් ඉන්න එක.
ඡන්දයක් තියලා ඔහේට ජනතාවගේ තියෙන මනාපය බලාගන්නකෝ...!
මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැහැ.
මහ බැංකුව හොරා කෑවෙ මහජනයා වෙනුවෙන්ද ,සීනි බදු වංචා කලෙ, අරක්කු කොම්පැනි වලට, ගජ මිතුරන්ට බැංකු ලොන් කපා හැරියෙ මහ ජනයා වෙනුවෙන්ද , අනේ නිකං පලයන් අපත දේශපාලකයො, අපි දන්නව තොගෙ හැටි.
කිසිම දැක්මක් නැති ගමක ඉන්න පිනා වගේ මිනිහෙක් මේ .මෙයා දන්න ආර්ථිකය .මේ මිනිහාගේ කාලකන්නි කම තමයි රටට හෙනයක් වෙලා තියෙන්නේ