
'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කළේ යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය 36 හැවිරිදි සන්නා මරීන්ට චෝදනා එල්ල විය.
අග්‍රාමාත්‍යවරියට චෝදනා එල්ල වූයේ ඇය 'කොවිඩ් 19' ආශ්‍රිතයකු බව දැනගෙනත්, සෞඛ්‍ය නීති කඩ කරමින්, රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මරීන්, ෆින්ලන්ත වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළාය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ද වන මරීන්, 'කොවිඩ් 19' සමීප ආශ්‍රිතයකු බවට පත් වූයේ, විදේශ අමාත්‍ය පෙකා හවිස්තෝ 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය. පෙකා හවිස්තෝ ආසාදිතයකු බව තහවුරු වීමට පෙර ඔහු සමීපව ඇසුරු කළේ අග්‍රාමාත්‍යවරිය යැයි සෞඛ්‍ය අංශ හඳුනා ගෙන තිබුණි.
ඒ අනුව, රටේ සෞඛ්‍ය නීතී අනුව, 'කොවිඩ් 19' හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ගන්නා ලෙසත් එහි ප්‍රතිඵල ලැබෙන තුරු හුදෙකලා වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ, අග්‍රාමාත්‍යවරියගේ රාජකාරි ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යවා දන්වා ඇත.
චෝදනා එල්ල වූයේ අග්‍රාමාත්‍යවරිය එම පණිවුඩය නෙසලකා යෙහෙළියන් පිරිසක් ද සමඟ හෙල්සින්කි අගනුවර සමාජ ශාලාවකට ගොස් විනෝද වූ බවටය. සමාව ඉල්ලමින් සිදුවුණේ කුමක්දැයි පැහැදිලි කිරීමට ද අගමැතිනිය කටයුතු කළාය.
'කෙටි පණිවුඩය ලැබෙද්දී, මා ළඟ මගේ රාජකාරී ජංගම දුරකතනය තිබුණේ නැහැ. ඒ වනවිටත් මා යෙහෙළියන් සමඟ නිවසින් පිටවී ගොස් තිබුණා. මා පණිවුඩය දැක්කේ යළි නිවසට ආ පසුවයි. එවිට මා වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු වුණා. එහිදී තහවුරු වුණා මා ආසාදිතයකු නොවන බව. ඒත්, කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය අංශ පනවා ඇති නීති මා උල්ලංඝනය කළා. එය හිතාමතා කළ දෙයක් නොවෙයි. ඒත් මා එසේ කළා. ඒ ගැන මා සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා' යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’කොවිඩ්’ නීති කඩා ක්ලබ් ගිහිල්ලා
Dhammika Thursday, 09 December 2021 11:18 AM
ඇයි ළමයො, රාජකාරි දුරකථනය නිතරම ලඟ තියෙන්න ඕන නේද? ඔහොම වැඩ කරන්න එපා. අපේ ලංකාවේ අයනම් ඔහොම නෑ .
JAYATH Thursday, 09 December 2021 11:47 AM
නිදහස් සරල ගැහැනියක් -නායිකාවක් අපේ හාදයොත් එක්ක අහසට පොලොව වගේ අපේ සමහරු ඉන්නවා නෙව මස් මාළු කන්නෙත් නැහැ අඩි පුඩි ගහන්නෙත් නැහැලු නමුත් වැඩ බැරි ටාසන් ල
Viraj Perera Thursday, 09 December 2021 05:14 PM
අපේ රටේ වුණා නම් මේකට කොමිසමක් පත්කරලා...