(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ භූමදානය කිරීම සඳහා අවසර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබදව ප්‍රසාදය පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
රටේ සංහිඳියාව පිළිබඳ සැළකීමේදී එය අතිශය වැදගත් තීරණයක් බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා සඳහන් කරයි.
එම නිවේදනයෙන් තවදුරටත් මෙසේද දැක්වේ.
"රජය ගත් මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරන ලද නිර්දේශයන් ද සැළකිල්ලට ගෙන සිදු කරන ලද තීරණයක් වන්නේ යැයි අප සංවිධානයේ විශ්වාසය යි. එය රටේ සංහිදියාව පිළිබඳව සැළකීමේදී අතිශය වැදගත් තීරණයකි. එමෙන්ම ආගමික හා වාර්ගික වෙනස්කම් පිටු දැකීමකි. සමස්තයක් වශයෙන් සැළකීමේදී විද්‍යාත්මක පදනමක පිහිටා ගනු ලැබූ තීරණයක් ලෙසද සැළකිය හැකිය.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශිත මෙම තීරණය එතුමන්ගේ දේශපාලනික පරිණතභාවය පිළිබද පැහැදිලි වන්නෙකි. එමෙන්ම මෑත කාලයේ රටේ සමහර ජන කොටස් අතර ගොඩනැගී තිබූ සිත්වේදනාවන් සමනය කිරීමට ගනු ලැබූ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකි.
සාධාරණ සාමාජයක් පිලිබදව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් කටයුතු කරන සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රජය ගත් මෙම තීරණය අතිශයින්ම අගය කරන අතර එය නොපමාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදවනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු" යැයි ද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙන්මාර්කයේ සාධක සහිතව භූමදානය කිරීම තහනම් කර ඇත.
මෙයාලා ඉතින් කොහොමත් කැමැතියිනේ.. තව තව දේවල්වලටත් කැමැතියිනේ.. එව්වා ඉතින් ඕනෑ නැහැ.
කරුගේ කැමැත්තෙන් අකමැත්තෙන් ඇති ඵලය කිම? අපට අවශ්‍ය වනුයේ රටේ ජනතාවගේ ජීවිත අවදානම ගැන ඇති බියයි. මේ ලෝක වසංගතයේ වෛරසය මෘතදේහ භූමදානය නිසා සිදුනොවන බවට රටේ සිටිනා වෛද්‍ය විද්වතුන් නිර්දේශ කරන්නේ නම්, එහි වගකීම ගන්නේ නම්, ජනතාව එයට කැමතිය. කරුගේ කැමැත්තෙන් ජනතාවට කම් නැත.
ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු...
ඉන්ටකූලර් වල යන අයට නම් බයවෙන්න දෙයක් නැහැ.
කවුද මොනවද කියන්නේ... ඒකට කැමැතියි..
ඔයාලා ඉතින් 300ක් විතර මැරෙන බෝම්බයක් ගහන බවත් දැනගෙන කැමැත්තෙන් හිටියනේ...
මෙයාලා භූමදානය කළේ පසුගිය මහ මැතිවරණයේදී ජනතාව විසින්..
ඒ ඉතින් මුස්ලිම් ඡන්ද ටික ගන්න. හැම ආගමකටම තම ආගමික චාරිත්‍ර කරන්න ඉඩ දිය යුතුයි. මුස්ලිම් කියලා විශේෂයක් බැහැ.
අනික් සාධක අදාළම නැත. අදාළ වන්නේ විද්‍යාත්මක සාධක පමණි. හැබැයි මෙයාලා මේ කරන්නේ සුළු ජාතික ඡන්ද වලට වගේ මට නම් පේන්නේ...
ඔබගේ යහපාලන මිනිස්සුනට මතක තියෙන තුරු මේ රටේ පුරවැසියෝ ඔබ ගැන විශේෂයක් නොමැත.
මෙයා කිව්වා නම් හරි. අපිට මතකයි පාර්ලිමේන්තුව හසුරවපු ආකාරය...
ඔය වැඩේට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි මුස්ලිම් කෙනෙක් මැරුණොත් තමුන්ගේ ගෙදර වත්තේ භූමදානය කරගන්න කියන එක.. විෂබීජයක් ආවොත් මුලින්ම ලෙඩ වෙන්නේ ඒ පවුලේ අයනේ... එතකොට තේරෙයි භූමදානයද? ආදාහනයද? හොඳ කියලා...