
(ටී.කේ.ජී.කපිල )
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් 25 සහ 26 යන දෙදින කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි .
ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී
" ගුත්තිල ජාතකය " පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි .
මෙම වැඩසටහනෙහි අධීක්ෂණය නියාමනය , සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා විසින් සිදු කර තිබුණි .
මෙම වැඩසටහනට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියහ .
ඔවුන් සියලු දෙනාට, මෙම දින දෙක තුළ දී බත් , ඉදියාප්ප , අයිස් ක්‍රීම් සහ සිසිල් බීම දන්සැල් සංවිධානය කර තිබිණි

.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම උත්සව සංවිදානය කරන ලද තානාපති නිලදරින්ට ගොඩක් පින් ! අපි ජීවත් වන රියාධ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නම් වැඩ කරන්නේ එයාල වෙන රටක වගේ ! ප්‍රජාව සංවිදානය කරන ලද වෙසක් උත්සවයට ඔහුන්ගේ කිසිම සහයෝගයක් ලබා නොදුන් අතර , සිදු කල බොහොමයක් නීති රීති උත්සවය ට බදා කිරිමට සිදු කළා .
ලංකාවේ ගොබ්බයො පිටරටවලට ගිහිල්ලත් කරන්නේ ගොන් වැඩ. ආගමික වතාවත් කරන්නද තානාපති කාර්යාල තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ වගේ ගොන් ගොබ්බ ජාතියක් මම නම් මේ ලෝකයේ දැකලා නැහැ. මේවට යන මෝඩයින්ට තලන්න ඕනා මඩු වලිගෙන්..මේ වගේ පල් මෝඩයෝ නිසා තමයි ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල මගින් සිදුවෙන සේවාවන් හරියට කරගන්න බැරිවෙලා තියෙන්නේ. අඩුතරමේ ලංකාවේ සංචාරක කර්මාන්තය වත් ප්‍රවර්ධනය කරන පලකට ඇති වැඩක් කෙරුවොත් නේද හොඳ? ජනතාවගේ සල්ලි කාබාසිනියා නොකර...??
ශ්‍රී ලාංකිකයන් ලෙස සම්බුදු තෙමඟුල සමරන්න අවස්ථාවක් ලබලා දුන්නු එකම ලොකු පිනක්... මැදපෙරදිග රටවල්වල අපිට ඕනෑ ඕනෑ තැන්වල ඕවා කරන්න බැහැ. රට විරුවන් කියලා නමට කියලා වැඩක් නැහැ. ඒ අයට ඇගයීමක් කිරිම මේ විදිහට හරි කරන්න පුළුවන්.. අනික මම දැකපු දේ තමයි මෙතැන සිංහල බෞද්ධ කියලා වෙන්වෙලා නෙමෙයි ශ්‍රී ලාංකිකයන් ලෙසයි මෙම උත්සවය සංවිධානය කරන්නේ... රජයෙන් කළයුතු දේවල් සංවිධානයක් විසින් සිදුකරන එක ගැන සතුටු විය යුතුයි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සහෝදරත්වය හොඳට පිළිබිඹුවන එකට වැඩකරන තැනක් තමයි කුවේට් සංකෘතික සංගමය මම කිහිපවතාවක් ඔවුන්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියනවා. ඉතාමත් සංවිධානාත්මකයි... ජයවේවා...! ඔබ සියළු දෙනාටම බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ. ඔයාලාගේ ගමන ඔයාලා යන්න... දැන් අවු 40 කිට්ටු වෙන්න එනවා. ඔයාලාගේ සංගමයට මෙගේ මතකය හරි නම්...!