
(සුමිත් පොතුපිටිය)
කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට කලිසමක වාටියේ සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක බන්ධනාගාර නිළධාරීන් භාරයට ගෙන භාරදීමේන් පසු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
අමුත්තන් බැලීම සදහා පැමිණ සිටි සැකකාරිය සිය සැමියාට ලබාදිම සදහා කොට කලිසමක් රැගෙන විත් ඇති අතර, බන්ධනාගාර නිළධාරීනියකට සැකසිතී එය පරීක්ෂා කිරීමේදී කලිසමේ වාටියේ සගවා තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 440ක් සොයාගෙන ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd