IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කලාවැවේ වාන් දොරටු ඇරේ

(කුෂාන් ජයවර්ධන)

කලාවැව හදිසි වාන් දොරටු දෙක අද (10) සවස අඩි 3 බැගින් විවෘත කළ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

කලාවැවේ වාන්දොරටු විවෘත කිරීමත් සමග එමගින් මේ වනවිට කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 3398 ක් වේ.

මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 3884 ක පමණ ප්‍රමාණයක් දඹුලු ඔය ඇතුලු මුලාශ්‍රවලින් කලා වැවට ලැබෙමින් පවතින අතර තවදුරටත් වැසි තත්ත්වය පැවැතියහොත් අද (10) රාත්‍රියේ එම වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

එබැවින් අවධානයෙන් පසුවන ලෙසද එම කාර්යාලය කලා ඔය දෙපස පදිංචිකරුවන්ට දන්වා සිටී. කලාවැව වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළදී ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇති අතර ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට පවසයි.

ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග මේ වනවිට කලා වැවේ ජලධාරිතාවය අක්කර අඩි 86000 ක් ඉක්මවා තිබේ. 



අදහස් (0)

කලාවැවේ වාන් දොරටු ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17952 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site