(කුෂාන් ජයවර්ධන සහ කාංචන ආරියදාස)
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද( 23) පස්වරු 04.30 සිට අඩි 06 දක්වා විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.
එම හදිසි වාන් දොරටු දෙක අද (23) උදෑසන 6.00 සිට පස්වරුව දක්වා අඩි 4 බැගින් විවෘත කිරීමටත්, පස්වරු 3.15 වනවිට අඩි 05 දක්වා විවෘත කිරීමටත් කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර තිබිණ. පස්වරු 4.30 ට එම හදිසි වාන් දොරටු අඩි 06 බැගින් විවෘත කෙරුණු අතර මේ වනවිට කලා වැවෙන් කලාඔයට මුදාහැරෙන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 6356 ක් වේ.
මේ වනවිට කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළින් ජලයෙන් යටවී තිබේ.එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ.
මේ වන විට කලා වැවේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 87401ක් ලෙස වාර්තා වී ඇත.
තවදුරටත් වර්ෂාව පැවතිය හොත් කලාවැවේ වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. මෙම අවදානම් තත්වය හමුවේ අවධානයෙන් පසුවන ලෙස කලාඔය දෙපස පදිංචි කරුවන්ගෙන් කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ඉල්ලීමක් කරයි.
පවතින මෙවන් හදිසි තත්ත්වය යටතේ ඉකුත් දින තුනක් පුරා කලාවැවේ කටයුතු භාර කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ රාජකාරී දුරකතනය අක්‍රියව පැවතිම හේතුවෙන් එම කාර්යාලය සහ පොලිසිය, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අනෙකුත් මහවැලි කාර්යාලය, ජීවිතාරක්ෂක සේවා හා ආපදා කළමණාකරණ ඇතුලු වෙනත් කාර්යාල අතර පණිවුඩ හුවමාරුව ද ඇණ හිට තිබේ.
මේ සම්බන්ධයෙන් එම කාර්යාලය අදාළ දුරකතන සමාගමට පැමිණිලි කර ඇතත් අද ( 23) සවස් වනවිටත් එය යථා තත්ත්වයට පත්නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් කලාවැව කාර්යභාර ඉංජිනේරැ කාර්යාල නිලධාරීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කලාවැවේ වාන් දොරටු අඩි 6 දක්වා විවෘත කරයි