
(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටී.
මින් දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි පහරවල්වලට ලක්ව ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් කර තිබූ දැනුම් දීමක් අනුව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළ එම ඒකකයේ නිලධාරීහු පිරිසක් තනිදළයාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ලැබූහ.
ඇතාට එල්ලව ඇති වෙඩි පහරවල් රැසක් එම ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබේ. ඇතාගේ ඉදිරි වම් පාදයේ පහල කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබේන අතර ඒවා බදින තුවක්කු පත්තු වීමෙන් සිදුවන්නට ඇති බව වනජීවී නිධාරීහු අනුමාන කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාපතරයින්ට හෙණත්, ඔබට ඉක්මන් සුවයත් ලැබේවා ඇත් රජුනි...!
සුද්දගේ කාලයේ එක ඒජන්ත කෙනෙක් අලි ඇතුන්ට වෙඩිතැබීම කළා කියලා අහලා තියෙනවා.. අන්තිමේ ඒ සුද්දා හෙන ගහලා මැරුණා කියලාත් අහලා තියෙනවා. එහෙනම් මේ ඇතාට වෙඩිතැබූ හෝ බඳින තුවක්කු ඇටවූ මිනිසුන්ට හෙන නොවදී කියලා කියන්න පුළුවන් කමක් නැහැ නේද? සාමාන්‍යයෙන් බලන්න එහෙම දේවල් කරන මිනිස්සු සිටින ප්‍රදේශවල මිනිස්සු දියුණුවක් ලබා තිබේද කියලා... ඒවාට කැමැති අලිමංකඩවල හා අලින්ගේ වාසස්ථාන ආශ්‍රිතව ගෙවල් හදාගෙන වගාවන් කරගෙන සිටින මිනිස්සු පව්කාරකමට කියාවි අලි නිසා තමයි අපිට දියුණුවක් නැත්තේ කියලා...!