IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කොල්ලකරු දුරකතන කුළුණේ නැග සිටියදි අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළෙඳ සැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී හිමිකරුගේ රුපියල් ලක්ෂ 60 ක ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙහිවල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැග සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සැකකරු සමඟ එම කොල්ල කෑමට පැමිණි අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා රන් ආභරණ සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයන බවට ඔහුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක අඩි 250 ක් පමණ උසැති දුරකථන කුළුණකට නැග අට්ටාලයක් සාදාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට දැන ගැනීමට ලැබී තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම ස්ථානය ගිය පොලිිසිය උපක්‍රමශීලිව සැකකරු බස්සවා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

කොල්ලකරු දුරකතන කුළුණේ නැග සිටියදි අල්ලයි

චමින්ද Saturday, 13 May 2023 05:36 AM

අන්තිමේ මංකොල්ලකාරය වෙනුවෙන් නඩුවැටෙන්නේ ඔය කුඩුටිකට පමණක් නොවේවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 294 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 816 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1233 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site