
(තිලකරත්න දිසානායක)
මුහුණු පොතෙන් ගැහැණු ළමයකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
අතවරයට ලක් වූ පිරිමි ළමයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අෙකු වන බවත් ගැහැණු ළමකු ලෙස පෙනී සිට ඇති සැකකරු මුහුණු පොත හරහා කතා බහ කොට පසුව ගම්පහට ගෙන්වා ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට පත් ළමයාගේ පියා විසින් ගම්පහ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම ළමයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය මහතාගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක හරන්කහදෙනිය මහත්මිය යටතේ වැඩි දුර විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙල්ලෙක් ලෙස පෙනී සිට දරුවකුට අතවර කරලා
කල්පනා Friday, 23 June 2023 04:49 AM
ස්මාර්ට් ජංගම දුරකථන සදහා ටෲකෝලර් පහසුකම් තිබේනම් මෙහෙම දේවල් නොවෙයි කියලා හිතෙනවා
ඉන්දික Friday, 23 June 2023 11:22 AM
පොඩ් එකෙක්නම් උගේ ඉස්කෝලේ වැඩ කරන් ඉන්න එපැයි. එක එකා එක්ක මල් කඩල. ඒ මදිවට ඌව හම්බෙන්නත් ගිහිල්ල. කොච්චර දුරක් ඇවිත්ද අමාරුව හොදකරගන්න
Prabash Friday, 23 June 2023 12:06 PM
5 වසරේ ඉඳලම මුහුණු පොත
රීචර්ඩ් Friday, 23 June 2023 01:13 PM
මේ කොලුවා ගිහින් තියෙන්නේ අර කෙල්ලක් කියලා හිතගෙනනේ. වෙලාවට කොල්ලෙක් උනේ. නැත්නම් ඒ කෙල්ලගේ පියා තමයි පොලිසි යන්නේ මුට විරුද්ධව කෙල්ලට හදි කෙරුවා කියලා. මේ ළමයා ගේ පියාට දඬුවම් දෙන්න ඕනේ ළමයි ගැන සොයා බලන්නේ නැති නිසා.