
(තිලකරත්න දිසානායක)
මුහුණු පොතෙන් ගැහැණු ළමයකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
අතවරයට ලක් වූ පිරිමි ළමයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අෙකු වන බවත් ගැහැණු ළමකු ලෙස පෙනී සිට ඇති සැකකරු මුහුණු පොත හරහා කතා බහ කොට පසුව ගම්පහට ගෙන්වා ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට පත් ළමයාගේ පියා විසින් ගම්පහ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම ළමයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය මහතාගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක හරන්කහදෙනිය මහත්මිය යටතේ වැඩි දුර විමර්ශන සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්මාර්ට් ජංගම දුරකථන සදහා ටෲකෝලර් පහසුකම් තිබේනම් මෙහෙම දේවල් නොවෙයි කියලා හිතෙනවා
පොඩ් එකෙක්නම් උගේ ඉස්කෝලේ වැඩ කරන් ඉන්න එපැයි. එක එකා එක්ක මල් කඩල. ඒ මදිවට ඌව හම්බෙන්නත් ගිහිල්ල. කොච්චර දුරක් ඇවිත්ද අමාරුව හොදකරගන්න
5 වසරේ ඉඳලම මුහුණු පොත
මේ කොලුවා ගිහින් තියෙන්නේ අර කෙල්ලක් කියලා හිතගෙනනේ. වෙලාවට කොල්ලෙක් උනේ. නැත්නම් ඒ කෙල්ලගේ පියා තමයි පොලිසි යන්නේ මුට විරුද්ධව කෙල්ලට හදි කෙරුවා කියලා. මේ ළමයා ගේ පියාට දඬුවම් දෙන්න ඕනේ ළමයි ගැන සොයා බලන්නේ නැති නිසා.