
ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තළ අවසක් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීහු පවසති.
1950 දශකයේ සිනමාවට පිවිසි ක්ලැරිස් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණේ ‘‘මාතලන්‘‘ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. එහි ගීයක් ද ගායනා කළ අතර නර්තනයක් ද ඉදිරිපත් කළේ සිංහල සිනමාවට නර්තනය මුලින්ම රැගෙන ආ නිලිය ලෙස වාර්තාවක් ද තබමිනි.
1952 දී ‘‘උමතු විශ්වාසය‘‘, චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ක්ලැරිස් ‘‘පුදුම ලේලි , අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, මාතලන්, සොහොයුරෝ, පුරුෂ රත්නය, අල්ලපු ගෙදර, සුන්දර බිරිද‘‘ ඇතුළු 50 සහ 60 දශකයේ තිරගත වූ චිත්‍රපට 28කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිතය නිරූපනය කළාය.
මෑත කාලයේදී ඇය ‘‘මමයි රාජ හා ධවල පවුර‘‘ චිත්‍රපටවලද රඟපෑවේ රංගනයට ඇති ආසාව නිසාය.
අනුරාධපුර හෝලි ෆැමිලි කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ක්ලැරිය් එවකට පැවැති එස්.එස්.සී. විභාගයෙන් සමත්ව පසුව කලා ක්ෂෙත්රයට එකතු වූවාය. ඇය මිය යන විට 80 වැනි වියෙහි පසු වුවාය. අවිවාහකව සිටි ක්ලැරිස්ගේ අවසන් කටයුතු නාවලදි සිදු කෙරුණේ ඇගේ අන්තිම කැමැත්ත මතය.
(සමන්ත යහම්පත්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයේ සැතපේවා...!
බොහෝම අපූරු නිළියක්... ඔබතුමියගේ නේත්‍රා යුගලයත් ඔබ සමගම රඟපෑවා... සමාදානයේ සැතපේවා...!
මේ නිලියන් තාමත් අපේ මතකයේ රැඳී සිටිනවා. අපෙන් වෙන් වූවත් අපිට ඒ නළු නිළියන් මතකයේ ඉන්නවා. හැබැයි දැනුත් ඉන්නවලු... නළු නිළියෝ ඔවුන් මොක්කුද කියා දන්නේ නැහැ. ඔවුන් ගැන වැඩිපුරම අසන්න ලැබෙන්නේ වෙනත් වෘත්තියක සිට අසුවුණා කියලා.
ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!
“ඇය මිය යන විට 80 වැනි වියෙහි පසු වුවාය” මාතලන් තිරගත වුනේ 1955. එතකොට ඇයට අවුරුදු 12 ද ??
ආදර්ශමත් නිළියක්... නිවන් සුව ලැබේවා...!
නිවන් සුව ලැබේවා...!
ඇත්ත, සදා නොමැකෙන නමක්... නිවන් සුබ ලැබේවා...!
"ඔබට නිවන් සුව"
ප්‍රසිද්ධ චරිතයක්... සමාදානයේ සැතපේවා..!