IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර රහසේ රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ආගමන විගමන පාලකවරයාට මෙම නියෝගය නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔවුන් තිදෙනා රටින් පලා යෑමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරු මත මෙවැනි නියෝගයක් ලබාගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

මෙම තිදෙනා සහ ප්‍රධාන සැකකරුගේ දියණිය ඇතුළු දරු තිදෙනා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.

කුලියාපිටිය, ඇඹව දික් ඇල්ලේ සුසිත් ජයවංශ නමැති තිස් හැවිරිදි අයෙක් මෙසේ අබිරහස් ලෙස අතුරුදන්ව සිටී.

මොහු විවාහක බිරිඳගෙන් දික්කසාද වී සිඟිති යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාගේ දියණිය සමග ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටි අතරවාරයේ ඇය ගැබ් ගෙන ඇතැයි ද ඒ බව දැනගත් සිඟිති නමැත්තා දෙදෙනා විවාහ කර විදෙස් ගත කිරීමට සැලසුම් කර තිබී ඇති බවද පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව

Hemantha Friday, 03 May 2024 06:44 AM

සිඟිති සිඟිති වැඩ මේවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site