(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ ලකුණු 9 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ.
කලම්බු පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර එල්.පී.එල්. තරගාවලිය තව දුරටත් තියුණු විය. කලම්බු ඇතුළුව කණ්ඩායම් තුනක්ම මේ වන විට ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කය හඹාගිය බී - ලව් කැන්ඩි පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 160 ක් පමණි. කැන්ඩි පිල වෙනුවෙන් නායක වනිඳු හසරංග පන්දු 21 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.
පළමුව පන්දුවට පහර දුන් කලම්බු පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 38 කින් ලකුණු 51 ක් රැස්කළ අතර එයට හතරේ පහර 4 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 169 (පැතුම් නිස්සංක 51, නිපුන් ධනංජය 40, මොහොමඩ් නවාස් 21, චාමික කරුණාරත්න 17, නුවනිඳු ප්‍රනාන්දු 15, ඇන්ජලෝ මැතිව්ස් 23/2, ඉසුරු උදාන 40/2, වනිඳු හසරංග 21/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 160 (වනිඳු හසරංග 40, චතුරංග ද සිල්වා 16, අසීෆ් අලී 33, අෂේන් බණ්ඩාර 22, මතීෂ පතිරණ 32/2, ජෙෆ්රි වැන්ඩසේ 39/2)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කලම්බු පිලේ තුන්වැනි ජයෙන් තරගාවලිය තවත් උණුසුම් වෙයි