(වසන්ත චන්ද්‍රපාල)
සහරාන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කල්මුනේ සියාම් සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 ක් අත්අඩංගුවට ගත් බව අම්පාර පොලීසිය කියයි.
මින් ලක්ෂ 15 ක් දින දෙකකට පමණ පෙර සොයා ගත් අතර ඉතිරි ලක්ෂ 35 මුදල අද (31) සොයා ගෙන ඇත.
දැනට සති දෙකකට පමණ පෙර කල්මුනේ සියාම් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු අනුව කළ දීර්ඝ විමර්ශනයකින් පසු ව මෙම මුදල් සොයාගෙන තිබේ.
කල්මුනේ සියාම්ගේ මාමාට මෙම මුදල් දී තිබූ බවද, ඔහුගේ නිවසෙහි අල්මාරියක තිබූ කලිසමක සාක්කුවේ මුදල්වලින් කොටසක් තිබී හමු වූ බවද, ඉතිරි මුදල් සංයුක්ත තැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ තිබී සොයා ගත් බවද පොලිසිය පවයි.
කල්මුනේ සියාම් විසින් අට්ටාලචේන කලපුවක සඟවා තිබූ ලැප් ටොප් පරිගණකයක් ද සොයා ගෙන ඇත.
මැයි 26 වැනි දා සහරාන්ගේ සහෝදරයා වන සෙයිනි විසින් බෝම්බය පුපුරුවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය ලබා දුන් බව කල්මුනේ සියාම් ආරක්ෂක අංශවලට පවසා ඇත.
මෙම පරිගණකය ඉතාමත් ආරක්ෂාවට තබන ලෙසට සෙයිනි සහාරන්ගේ අම්පාර නායකයා වන සියම්ට පැවසූ බව පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.
මෙයට අමතරව රත්තරන් මාල දෙකක්, කරාබු ජෝඩුවක්, මුද්දක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දෙක තුනක් අැන්නා නම් ඉතුරුටිකත් වමාරයි.
මේ සල්ලි මාරුකළ බැංකුවට සීල් තබන්න.
මේ බොහොමයක් මුස්ලිම් ව්‍යාපාර නීති විරෝදී ලෙස තමයි මුදල් හොයන්නේ. පොඩි කඩ හෝ සාමාන්‍ය මුස්ලිම් ව්‍යාපාර ඇරුණු කොට, බාල ගම්මිරිස් මිශ්‍ර කරලා කෝටි ගණන් හෙව්වෙත් මුස්ලිම් අය, ලංකාවේ තේ වලට කසල තේ කවලම් කලෙත් ඔවුන්, රේගුවෙන් බඩු පන්නන්නෙත් ඔවුන්, ප්‍රමිතියෙන් පහල රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් වල පෙට්ටිවලට පුරවන්නෙත් ඔවුන්, කුඩු ව්‍යාපාරයේ බොහොමයක් ඔවුන්.. කැළෑ කපල හොරට ගස් පටවන්නෙත් ඔවුන්, හොරෙන් හරක් පටවන්නෙත් ඔවුන්.. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවට අකමැතිත් ඔවුන්මය.