(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝලම් මඩුවක් වෙලා තියෙන මැතිසබය පිස්සන් කොටුවක්වීමට ඉඩ දිය නොහැකි යැයි බුද්ධ ශාසන අමාත්‍ය සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයක් සභාගත කළ විට ඊට විපක්ෂයෙන් විරෝධය මතුවූ අවස්ථාවේදීය.
විදුර වික්‍රමනායක මහතා මෙසේද සඳහන් කළේය.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න වලට ලබාදීලා තියෙන වෙලාව ඉවරයි. ඒ නිසා මම මේ ප්‍රශ්නෙ උත්තරය සභාගත කරනවා. මේකෙ විනයක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වෙලා තියෙනවා දැන් පිස්සන් කොටුවක් වෙන්න දෙන්න බැහැ.
ඉෂාක් රහුමාන් මහතා:
මගේ ප්‍රශ්නයට ඇමතිතුමාට උත්තර දෙන්න කියන්න.
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:
මුලසුනට තියෙන අභිමතය හෑල්ලුවට ගන්න දෙන්න එපා. පළමු වතාවේදී ප්‍රශ්නයක් සභාගත කරන්න බැහැ. ප්‍රශ්නයකට පළමු වතාවේදී උත්තර දිය යුතුමයි. දෙවැනි වතාවේදි සභාගත කළාට කමක් නැහැ. ඇමතිතුමාට තරහ ගිය එක සාධාරණ ඇති. මේ මන්ත්‍රීතුමා නොවේ ඒක කළේ. ප්‍රශ්නය සභාගත කිරීම මන්ත්‍රීතුමාට කරන අසාධාරණයක් . මුලසුන ඒ අසාධාරණය කරන්න එපා.
නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් බී දිසානායක මහතා
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව උත්තර දිය නොහැක කියන එකත් උත්තරයක්.
කතානායක:
උත්තර දෙනවද නැද්ද කියන එක ඇමතිතුමාගේ අභිමතය
ඉෂාක් රහුමාන් මහතා
කතානායකතුමා කලබල වෙන්න එපා.
කතානායක:
ඉක්මනට අහන්න
රහුමාන් මහතා;
ඔබතුමා මාව බය කරනවනේ
කතානායක:
මම කියන්නේ කාලය නාස්ති කරන්න එපා කියල විතරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන්ගේ මළ කෝලම් බලනවා හැර අපිත් වෙන මොනවා කරන්නද..? අනික ඉතින් පිස්සෝ පිස්සු කෙලිනවා හැර වෙන මොනවා කරන්නද..? මොනා වුණත් පිස්සෝ ලොකුවට හිතාගෙන නම් ඉන්නවා...
තිරිසන් සතුන්ටත් වඩා අන්තයි, දෙපා සතුන්ගේ හැසිරීම. කිසිම චාරයක් නැති, ලැජ්ජාවක් නැති නූගත් ගොන් තක්කඩි පාර්ලිමේන්තුවට යැවීමේ විපාක ...