ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව ඇතිව ජෝර්ජී කීට් පදනම සංවිධානය කරන ‘කලාපොළ 2020’ එළිමහන් කලා සල්පිල කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (23) පෙරවරුවේ ආරම්භ විය.
මෙරට පැවැත්වෙන විශාලතම එළිමහන් කලා සල්පිල ලෙස සැලකෙන කලාපොළ අද රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.
ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත මුල් වරට ‘කලාපොළ’ කලා සල්පිලක් පවත්වන ලද්දේ 1993 වසරේදීය. ඊට කලාකරුවෝ 30 දෙනෙක් සහභාගී වූහ.

එතැන් සිට ජෝන් කීල්ස් සමූහයේ වසර 25 නොබිඳුණු අනුග්‍රහය යටතේ කලාපොළ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය ලෙස ද සැලකෙන කලාපොළට දෙස් විදෙස් චිත්‍ර ශිල්පීහු සහ මූර්ති ශිල්පීහු විශාල පිරිසක් සහභාගී වෙති.
පසුගිය වසරේදී ද කලාපොළ, කලා සල්පිලක් පැවැති අතර එය නැරැඹීම සඳහා 31,000කට වැඩි පිරිසක් එක්ව සිටියහ. කලාකරුවන් 350 කට වැඩි පිරිසක් කලාපොළට ඔවුන්ගේ නිර්මාණ එක් කර තිබූ අතර දරු දැරියන් 235 කට වැඩි පිරිසකට ද කලාපොළට ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි.
මෙවර කලාපොළට ද දිවයිනේනන් දෙසින් කල්කරුවන් හා කලාවට හිතවත් පිරිස් පැමිණෙනු ඇතැයි සංවිධායක මඬුල්ල අපේක්ෂා කරයි.

කලාපොළ නැරැඹීම සඳහා මහජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකරයි.
මේ වසරේදීද කලාපොළට සහභාගී වන කලාකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවීම ඩිජිටල්කරණය කර තිබූ අතර ඊට අයඳුම්පත් 370 ක් පමණ ඉදිරිපත් ව තිබිණි.
මේ අතර කලාපොළට අමතරව ජෝන් කීල්ස් පදනම ‘ශ්‍රී ලංකන් ආට්ගැලරි’ ඩිජිටල් චිත්‍රාගාරය ද පවත්වාගෙන යයි.
055





2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලාපොළ 2020 ඇරඹේ
Raveendra Sunday, 23 February 2020 12:52 PM
අප අගය කළයුතු කටයුත්තක්. සැමට සුබපැතුම්....!!!
ajith Monday, 24 February 2020 03:19 AM
කොහෙද මේක තියෙන්නේ ? ඒ ලිපිනය සදහන් නොකිරිම අඩුවක් ?