(එච්.චන්දන)
පුත්තලම - කල්පිටිය අර්ධදීපයේ මුහුදු තීරයේ මේ දිනවල ඩොල්පින් මසුන්ගේ රැගුම් දැක බලා ගැනීමට හැකි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති.
ඉකුත් සති අන්තයේ ඩෝපින් නැරඹීමට විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ සිටියහ.
කල්පිටියේ සිට නොරොච්චෝලේ දක්වා මුහුදු තීරයේ බොට්ටුවකින් මද දුරක් ගිය විට මෙම ඩොල්පින් මසුන් දැක ගත හැකිවේ.
ඩොල්පින් රංචු ලෙස හා තනි තනියෙන්ද මහ මුහුදේ විවිධ ස්ථානවල සැරිසරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කල්පිටිය මුහුදේ ඩොල්පින් රැඟුම්
sirimal Thursday, 12 March 2020 08:53 AM
ලංකාවේ තල්මසුන් සහ ඩොල්ෆින් ඇතුළු මත්ස්‍යන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය නීති කඩිනමින් සකස් කළයුතු වෙයි. මෙම පින්තුරවල දක්නට ලැබෙන ආකාරයට මසුන් දැක බලාගන්නට යන බෝට්ටු එම සතුන් ගෑවෙන නොගැවෙන තරමට කිට්ටුවට යන බවයි පෙනෙන්නේ. මෙය කිසිසේත්ම අනුමත කළහැකි දෙයක් නෙවේ. වෙන රටවල සංචාරකයින් තල්මසුන් හෝ ඩොල්ෆින් මසුන් නැරඹීමට ගෙන යන බෝට්ටු සඳහා බුරුලක් නැති නීති ක්‍රියාත්මක කරනු ලබයි. බෝට්ටු හිමියන්ද මෙම සතුන්ගේ වටිනාකම දන්නා බැවින්ද ඔවුන්ගේ ජීවනෝපාය රැඳී පවතින්නේ මේ සතුන් ඉන්නා තුරු පමණක් බව දන්නා බැවින්ද එම නීති අකුරටම පිළිපදිනු ලබයි. ඒ රටවල පවත්නා නීති අනුව මේ සතුන් ඉන්නා ස්ථානවලට යාමේදී නියමිත දුර ප්‍රමාණයකින් බෝට්ටු පැදවිය යුතු වෙයි. මේ පින්තුරවල පෙනෙන ආකාරයට එම සතුන්ගේ ළඟටම යාමට කිසිම අවසරයක් ලැබෙන්නේ නැත. තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් මුහුදේ ඉන්නේ සංචාරකයින් පිනවීමට නොවන බව කවුරු කවුරුත් වටහාගෙන ක්‍රියා කළයුතු වෙයි. මේ අපේ තවත් ජාතික සම්පතක් බවද වටහා ගත යුතුය.
kamalThursday, 12 March 2020 09:21 AM
අනේ මහත්තයෝ, ඔය බෝට්ටු ඔක්කොම පළාත් බබ්බුන්ගේ. ඔබතුමා මේ ලංකාවේ ඉන්නවානම් හොදාකාරවම දන්නවානේ. පළාත් බබ්බුයි නීතියයි. අතින් අත බැඳගෙන ඉන්නවා කියලා.
sirimalThursday, 12 March 2020 11:42 AM
කමල් ඔබ කියනදේ සියයට සීයකටත් වඩා ඇත්තයි. මෙම ප්‍රශ්නයේදී විතරක් නෙවේ අනෙකුත් හැම ප්‍රශ්නයකදීම නිසි විසඳුමක් ලබාගන්නට ලැබෙන්නේ නැත්තේ අපේ රටේ ඇති මේ අප්‍රමාණ දේශපාලන ඇඟිලි ගැසීම් නිසයි. වියතුන් පාර්ලිමේන්තුවට යවා දුෂණයෙන් තොර පාලනයක් ඇතිකරනවා කියල පොරොන්දු උන අය ඉදිරි මැතිවරණය සඳහා නම යෝජනා දීලා ඇති ආකාරයෙන්ම පෙනෙනවා නේද මේ කිසිම කෙනෙක් දේශපාලනය කරන්නේ අවංක චේතනාවෙන් නෙවේ කියලා. අපේ රට කවදා මේ තත්වගෙන් ගොඩ ඒවිද කියා කියන්න නම් අමාරුයි. හිතට දුක ඒකයි.
PradeepFriday, 13 March 2020 04:40 AM
ඉතින් සිරිමල් කියන්නෙත් ඒකම තමයි. පළාත් බබ්බුන්ගේ හරි කාගේ හරි වුනත් කමක් නෑ. නිතිය ක්‍රියාත්මක කල යුතුයි. එමෙන්ම මෙහි පල විපාක ගැන ඔවුන් දැනුවත් කල යුතුයි. සිරිමල් කිව්වා වගේ මේ මසුන් මේ අකාරයටම සිටියොත් තමයි මේ අයට අදායමක් තියෙන්නේ. එක රැක ගැනීම ඔවුන්ගේත් වගකීමක්.