(රෝවන් පෙරේරා )
කල්පිටිය ඉලංතඩිය ප්‍රදේශයේ වෙරළාසන්නයේ පිහිටි නිවාස 20 ක් පමණ ජලයෙන් යටවී තිබේ.
දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාවත් සමඟ මෙම තත්වය උදාවූ බව ධීවරයින් පැවසීය.
නිවාස තුළ අඩි දෙකක් පමණ ජලයෙන් පිරී තිබීම හේතුවෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවට පත් ඇත.
ජලය බැස යාමට තරම් ප්‍රමාණවත් ක්‍රමවත් කාණු පද්ධතියක් නොතිබීම හේතුවෙන් පිරී පවතින ජලය මුහුදට මුදා හැරීමට නොහැකි වී ඇති බව කියයි.
ප්‍රදේශයේ ජනතාව එක්ව බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉලංතඩිය නොරච්චෝල පනිඅඩිය මාර්ගය හරහා ඇලක් කපමින් පිරී පවතින ජලය මුහුදට මුදා හැරීමට පියවර ගත්තද එය ප්‍රමාණවත් නොවන බවත් රජය මැදිහත් වී ඒ සඳහා ස්ථීර ලෙස නිසි ක්‍රමවේදයකට ජලය බැස යාමට සලස්වා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටී.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන ගුණතිලක මහතා පැවසුවේ වැසි තත්වය හේතුවෙන් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වී සිටින බවත් ඒ අයට සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවත්ය.







2025 ඔක්තෝබර් මස 08
1870
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කල්පිටිය ඉලංතඩියේ නිවාස 20 ක් ජලයෙන් යටවෙයි