(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවදානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයකු විසින් දේශීය බෝම්බ නිෂ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමඟ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වී ඇත.
මේ අනුව සැකකටයුතු ප්‍රදේශයන් හදිසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුළු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කර සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟ එනකොට තමයි මේ ඔක්කොම... මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා ඡන්ද කඩාගන්න.
මේ සියල්ල ඡන්දය වෙනුවෙන් ජාතිවාදීන් අටවන ලද උගුල්.. අහුවෙන්න එපා. මේ සැරේ කබර පවුල ගෙදරම යැවිය යුතුයි.
"ඕවා ඡන්දෙන් පස්සේ ආයේ අහන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ" කියලා කවුදෝ කියනවා ඇහුණා.
ආයේ ත්‍රස්තවාදය එනවා කියලා ඡන්දෙ ගන්න කරපු ගුණ්ඩුවක්ද දන්නේ නැහැ.
බෝම්බත් පුපුරයි ඡන්ද කිට්ටුකරලා... පේන විදිහට මේ සැරේ චූඩා මාණික්‍යයක් අරගෙන නාරජු එන්නේ නැතිපාටයි...
මෙච්චර කල් LTTE වළදාපු බෝම්බ හම්බවුණු ආරක්ෂාව තර කරාද? ඡන්දයක් ළඟ එනකොට ඩ්‍රාමා පටන්ගන්නවා.
අපේ ජනාධිපතිතුමා ඉන්නකං ඔය සිද්ධීන් සිදුවුණාට කිසිඳු බියක් දැනෙන්නේ නෑ... නිකං අපේ තාත්තා ගෙදර ආවා වගේ.
මට තේරෙන්නේ නැහැ ඡන්දෙ කිට්ටුවෙද්දිම ඇයි මේ බෝම්බ උතුරෙන් හම්බවෙන්නේ කියලා..?
ඔය කථා වලට රැවටුනේ ඉස්කෝලේ යන කාලේ.
ඡන්දෙත් ළඟයිනේ දැන්...!!!
සිරාව ජනාධිපතිකරගත්තාම ඔහොම තමයි. අපේ සර් ජනාධිපති වුණා නම් ඔහොම වෙන්නේ නැහැනේ..
මැතිවරණය කිට්ටු වෙනකොට තව තව දේ එළියට ඒවි... ජාත්‍යන්තර කුමන්ත්‍රණ, කොටි නැගිටීම් දෙමළ ඩයස්පෝරා , ජාත්‍යන්තර අධිකරණය , මේවා සමාජ ගත නොකර සුනාමි සල්ලි, මාවිලාරු ගොවි වන්දි, සිරිලිය ගිණුම, මල්වානේ නිවස ගැන කතා කරන්නෙයි.. ඔහෙලව අන්දන්න මේ ඇත්තෝ මොනවා හරි දෙයක් කියන්නත් එපැයි..
මේවා සැලසුම් සහගත මජර දේශපාලන වැඩ... ඡන්දෙ කිට්ටුනේ.. මේ නිසා තමයි උතුරේ මිනිහයි, දකුනේ මිනිහයි භේද වෙලා තියෙන්නේ.. ජාති භේදය කිරීම තමයි ඡන්ද තුරුම්පුව..