
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (05) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් නිවසට ගිනිතැබීම හේතුවෙන් දේපල සියල්ලක්ම සම්පූරණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බවට රාමනාදපුරම් පොලීසිය පවසයි.
කල්මඩු ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ හිමිකරු විදෙස්ගතව සිටින අතර ඔහුගේ බිරිඳ පමණක් අදාල නිවසේ ජීවත්වන අතරතුරදී මෙම ගිනිතැබීම සිදුව ඇත.
ගිනිතැබීම සිදුවන අවස්තාවේදී අදාල කාන්තාවද ඇගේ මවගේ නිවසට ගොස් සිටීම හේතුවෙන් නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී කිසියම් පිරිසක් ඇතුල් වී නිවසට ගිනිතබා පලා ගොස් ඇති අතර අදාල ගිනිතැබීම හේතුවෙන් නිවසේ තිබූ ලක්ෂ 50 කට අදික වටිනාකමින් යුතු උපකරණ ඇතුලු දේපල සියල්ලක්ම විනාශ වී ඇත.
නිවසට ගිනිතැබීම සිදුකරන අවස්ථාවේදී නිවසේ තිබූ සී.සී.ටී.වී දර්ශනද විනාශ කර ඇති අතර පසුව අසල්වාසීන් විසින් නිවසේ ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබූ අතර ඒ වනවිටත් දේපල සිය්ලක්ම ගින්නෙන් විනාශ වී ඇත.
විදෙස්ගතව සිටින පුද්ගලයා සහ ගිනිතැබීම සිදුකරන ලද පුද්ගලයින් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ගිනිතැබීම සිදුකොට ඇති බවට පොලීසිය සැකපල කරන අතර ගිනිතැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිඳහා පරික්ෂණයක් අරඹා ඇතැයිද රාමනාදපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලිනොච්චියේ නිවසකට පිරිසක් ගිනිතබති