IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත  පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා  නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන් 1000 ක්  පමණ  යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පැවසීය.

ඒ අනුව  කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ සහ ඒ අවට පොලිස් නිලධාරීන් 350 ක පමණ යුත් පිරිසකින් සමන්විතව   ආසන්නව සහ දුරස්ථව පොලිස් මාර්ග බාධක පිහිටුවීමටත්  , ඊට අමතරව කැරළි මර්දන ඒකක යෙදවීමටත් පියවර  ගෙන ඇත.

පෙළපාලි කණ්ඩායම් විසිරවීම සඳහා මාර්ග බාධක දිනය පුරා ක්‍රියාත්මක වන අතර ඒ ඒ පොලිස් වසම් මට්ටමින්  ආරක්ෂක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Sampath Thursday, 10 October 2024 03:43 PM

අද සිකුරාදා නෙවෙයි.

:       0       0

බෝම්බ ධර්මේ Thursday, 10 October 2024 03:49 PM

ඇයි කළුතරට විශේෂයක්? කලු මහත රැවුල් පච්චයෝ ටිකක් මොනවා හරි පිළිගැනීමකට ලෑස්ති වෙනවාද?

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 04:33 PM

මෙයා මොකක්ද මේ කරන්න හදන්නේ, පරණ විගඩම් අලුතින් නටන්න ඕනා නැහැ කියලා මෙයා දන්නේ නැද්ද? දැන් තියෙන්නේ රාජපක්ෂ හෝ වික්‍රමසිංහ පාලනයක් නොවෙයි. ඒ නිසා නාමයෝජනා බාරදීලා කවුරුවත් සාමකාමීව ගෙදර යයි... රඟන්න හෝ නලියන්න කවුරුවත් එන්නේ නැහැ.

:       5       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site