
(සුමිත් පොතුපිටිය )
කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දරුවන් ඊයේ (03) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු පනුවන් දැක ආහාර බෙදාදීම සදහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පති වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති.
දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එළවලු සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ. මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ. අද සෞඛ්‍ය අංශ පාසලට ගොස් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මස් මාලු වල ගණන් වල හැටියට ප්‍රෝටීන වලට පණුවෝ දෙතුන් දෙනෙක් දාන්න හිතෙන්න ඇති
කලින් ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් දැන් ඉන්න ඇමැත්තෝ පොළවේ හැපී කැට උල්කරගෙන ඇමැතියන්ට බනීවී ඇමැතියෝ කොන්ත්‍රාත් වලින් අච්චර කොමිස් ගන්නවා අච්චර පාගා ගන්නවා ආදී වශයෙන්.