(සුජිත් හේවාජුලිගේ )
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
ඔහු මෙසේ උපදෙස් දුන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ද සහභාගිවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි කෝච්චිය යයි හරි වේගෙන් පැය හතරට එක සැතපුමෙ වේගෙන් කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් දරුවෙක් බිහිවෙයි ඕපනායකින් (චන්ද්‍ර අනගිරත්න)
අවිස්සාවේල්ලෙන් රත්නපුරේට යයිද?
අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා, එයින් 35ක් විතර ඇමති, දැන් අගමැති. දැන් තමයි උපදෙස් දෙන්න මතක් වෙලා තියෙන්නේ. මෙයාගේ උපදෙස හෙට ඉඳල වැඩ කරයි, බලාගෙන ඉන්න
පසුගිය කාලසීමාවේ මාර්ග නඩත්තුව අවම වී වේගය සීමා කිරීමෙන් ධාවන කාලය වැඩි කර කාලසටහන් සකස් කරමින් දුම්රිය ගමනාන්තයන් ද වෙනස් කල අතර, ප. ව.4.00 ට සවස කාර්යාල දුම්රිය ගමන් ආරම්භ කලත් අවිස්සාවේල්ල ට දුම්රියක් ළගා වන්නේ ප. ව.7.15 ආසන්නයේය. අවිස්සාවේල්ල දුම්රිය මගීන්ට බලවත් අසාදාරණයක් සිදු වී ඇති අතර කොතරම් ඉල්ලීම් සිදුකලත් බලධාරීන් තවමත් නිහඩය. සාකච්චා සාකච්චා පමණක් මය.