
(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ අද (4) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.
ඒ අනුව සියලුම සිසුන් නේවාසිකාගාරවලින් හෙට (5) පෙරවරු 8.00 ට පෙර ඉවත්විය යුතු බබත් නැවත දැනුම්දෙනතුරු එම විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවත් උපකුලපතිවරයා පවසයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ට පරදීමේ සිද්ධියට විනයානුකූලව පියවර ගෙන විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්වයට පත්කිරීමේ පියවර ලෙස මෙම තීරණය ගත් බව ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙපි සහ පෙසපේ ත්‍රස්තවාදීන්ගෙන් රටේ සරසවි පද්ධතිය බේරා ගැනීම ඉතා පැහැදිලි යුගයේ අවශ්‍යතාවක් වී ඇත. ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට, අඩන්තේට්ටම් කිරීමට මේ මැරයින්ට ඇති අයිතිය කුමක්ද? සිස්ටම් වෙනස් කරන්නට, රට හදන්නට, නිදහස් අධ්‍යාපනය බේරා ගන්නට, ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට යයි කියමින් ඊනියා පෙළපාලි යන, රැස්වීම් පවත්වමින් මේ අමන රැල කරන්නේ මොනතරම් බොරුවක්ද? සියලු රාජ්‍ය සරසවි ද පුද්ගලීකරණය කරන්න. පුළුවන් එවුන් ඉගෙන ගනියි. නැති අය නිකම් ඉඳියි...
කපකපා කෑලි කපා... අප යහමග අරිනු එපා... ලොම් හැලුණත් පාර දිගේ - බුර බුරාම අපි යනවා.
ජෙප්පෝ.. වැඩ පටන් ගෙන.. තේරුමක් නැති පාඨමාලා .. වහලා දාන්න.
සරසවි සිසුන් හිතා ඉන්නේ නීතිය එයාලාට අදාළ නැහැ කියලයි. ඒකෙ දෙන්නෙක් කරන බොරු වැඩවලින් කැම්පස් වහලා දාලා... අපරාදේ ළමයි ගෙවල්වලට නාකිවෙන එක විතරයි වෙන්නේ.. රටේ සාමාන්‍ය අපරාධ නීතිය ක්‍රියාත්මක කරලා ඉක්මණින් දරුවන්ට ඉක්මණින් ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙන්න. මේ ගොබ්බ දේශපාලු අතකොළු වෙලා තමයි දඟලන්නේ...
මෙන්න මේ කාලකන්ණි නිසා අනිත් දරුවන්ටත් ඉගෙන ගන්න බැහැ. මොවුන් නිසා මොනතරම් රජයේ මුදල් හා සම්පත් මෙන්ම අන් අයගේ කාලය නාස්ති වෙනවාද? ඇත්තටම පොලිසියට බැරිද මෙන්න මේ කාලකන්නි මට්ටු කරන්න... මේ වගේ අයට ගමේ අය එකතුවෙලා පාඩමක් ඉගැන්නුවත් කමක් නැහැ. දැන් ඔහොම නම් මෙයාලාගේ පක්ෂේ බලේට අවොත් උප කුලපතිලාට මොවුන්ගේ ටොයිලට් හෝදන්න වේවි...