IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)                       
 
දරු දෙදෙනාගේ නඩත්තු නොගෙවා මාස 06 ක කාලයක් පුරා සැඟවී සිටින ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පස්වරක් වරෙන්තු නිකුත් කර  තිබුණත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම හේතූවෙන් කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියම කළාය.


පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් මෙන්ම කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන්ද වරෙන්තු නිකුත් කර සිටින සංචාරක ව්‍යාපාරයක හිමිකරුවෙකු බව කියන දිනුක් ගිහාන් නික්ලස් නමැත්තා අත්අඩංගුවට නොගැනීම හෝ ඔහු සම්බන්ධයෙන් වරෙන්තු වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙලෙස අධිකරණයට කැඳවනු ලැබ ඇත.


සිය නීත්‍යානුකූල බිරිඳ සහ අවුරුදු 17 ක් සහ 07 ක් වයසැති දරු දෙදෙනා හැරදමා වෙනත් කාන්තාවක් සමඟ දිවිගෙවන සැමියාගෙන් දරු දෙදෙනා නඩත්තු කිරීම සඳහා මුදල් අයකර දෙන්නැයි ඉල්ලමින් කාන්තාවක් විසින් පවරා තිබු පැමිණිල්ලක් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු  සැළකිල්ලට  ගත්  මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.


දරු දෙදෙනා නඩත්තු කිරීම සඳහා මුදල් අයකර දෙන්නැයි ඉල්ලමින් කාන්තාවක් විසින් පවරා තිබු නඩත්තු පැමිණිල්ලක් විභාග කළ අධිකරණය මීට පෙර අවස්ථාවකදී මසකට රුපියල් 50,000/- බැගින් දරු දෙදෙනාගේ නඩත්තු මුදල් ගෙවන ලෙස පසුගිය පෙබරවාරී මාසයේදී වගඋත්තරකරුට නියම කොට තිබුණත් ඔහු පළමු මාසයේදී හැර ඉන්පසු නඩත්තු මුදල් ගෙවා නොමැති බවද අධිකරණයේදී හෙළි විය.


නඩත්තු මුදල් නොගෙවීම මත වගඋත්තරකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් මෙන්ම කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන්ද අවස්ථා පහකදී  වරෙන්තු නිකුත් කොට ඇතත් වගඋත්තරකාර ව්‍යාපාරිකයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැතැයි අධිකරණයේදී හෙළි විය.


සැකකරු අත්අඩංගුවට නොගැනීම සහ වරෙන්තු වාර්තා ඉදිරිපත් නොකිරීම ඇතුළු ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරිය මෙම පැමිණිල්ල ලබන 21 වැනිදා යළි කැඳවීමට නියම කළාය.



අදහස් (0)

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site