
(ඩබ්ලිව් ඩී. එම්. විතානගේ)
කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා මහත්මිය ඔහුගේ පපුවට හා කොදු ඇට ප්‍රදේශයේ අස්ථි බිදී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිදීමේ හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිබෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළාය.
මෙම සිද්ධියෙන් මියගියේ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකාරී අංශයේ සිව්වැනි වසරේ සිසුවකු වන බිබීල රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති විසිහතර හැවිරිදි සිසුවෙකි.
පෙරේදා (23 වැනිදා) අලුයම කාලයේ වූ මෙම සිද්ධිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව මහර වැඩබලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය පෙරේදා ( 23 වැනිදා ) දහවල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් නිරීක්ෂණය සිදු කොට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම මහ රෝහලට යවන ලෙසට කැලණිය පොලිසියට නියෝග කළාය.
මේ අනුව පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (24 වැනිදා) රාගම මහ රෝහලේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් රකුසාගේ තවත් බිල්ලක්, විශ්ව විද්‍යාල ඇතුළු සමාජයේ විනය පිරිහීමේ තවත් සිදුවීමක්. විශ්ව විද්‍යාලවල විනය විනාශ වීම මේකට හේතුව. ඊලග බිල්ල ගන්න කලින් පොලිසියේ සහය ඇතුව බෙදා හරින පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි. රටේ ජනාදිපතිගේ විශ්ව විද්‍යාලයේ විනය පිරිහිලා. විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර කුඩු තිප්පොළවල්. පොලිසිය ඇතුලට නොයන නිසා මේවා යහමට වෙනවා. නිසි බලධාරීන්ගේ අවධානය සඳහා.
දෙමාපියන් දහසකුත් බලාපොරොත්තු තියාගෙන ළමයින්ට උගන්වනවා. ඒ අධ්‍යාපනය සඳහා අටම නොමිලේ සියල්ල සපයනවා. මොවුන් ඒ කිසිවක් වගකීමක්, වගවීමක් නැතිව කාලකන්නින් සේ හැසිරෙනවා. අරක්කු බීලා වැටිලා මැරෙනවා කියන්නේ කොයිතරම් පහත් පෞරුෂත්වයක්ද?