(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ  බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්තව රාජකාරි කරනපොලිස් සැරයන්  එච් . ජයලත්( 5016)මහතාය.

වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයා ට අයත්ජංගම දුරකථනයක්  නාරහෙන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා කාඩ් පතක් සහගමන් බලපත්‍රයක්  ද තිබී පොලිසියට හමුවී ඇත.