IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැලණි අලුත් පාලම දින කිපයක් වහයි

(ඉන්දිකා රාමනායක)

අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම හෙට (4) අලුයම 6.00 ට විවෘත වන බවත්, මෙම මස 8 වැනි දින රාත්‍රි 9.00 යළි වසා දැමෙන පාලම 11දින පෙරවරු 6.00 ට විවෘත වන බව ද හෙතෙම කීය.

එලෙසම 15 දින යළි වසා දැමෙන පාලම 18 දින අලුයම 6.00 යළි විවෘත වන බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වසා තැබෙන මෙම කාල තුළ රථවාහන තදබදයක් ඇති නොවන ආකාරයෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව කැළණි පාලම ඉදිවීමට ප්‍රථම භාවිතා කළ කැලණි පාළම ඔස්සේ රථවාහනවලට අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

කැලණි අලුත් පාලම දින කිපයක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site