(ඩයනා උදයංගනී)

නිරිත දිග යමෝසම් තත්ත්වෙ සක්‍රීයවීම නිසා, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා ද පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 -70  දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත්  එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 - 3.5 ක් පමණ  ඉහළ යා හැකියාවක් පවතී. 

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ තවදුරටත් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

එ බැවින් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 ක කාලය තුල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.