(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් කිහිපයක අද (1) සවස් කාලයේ හා රාත‍්‍රී කාලයේ දී ප‍්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුරය, වව්නියාව, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවලත් තද වැසි සමඟ අකුණු අනතුරු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ලු. අදම බිල ගෙවන්න නැතිනම් අව්ව වැස්ස නවතා දමාවි.