‘‘ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා” පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ.
නව ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුම මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම ටැබ් එකක් දිනා ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය. සෑම ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුමකම ඇතුලත සංකේත 6කින් යුතු රහස් අංකයක් මුද්‍රණය කර තිබේ. තම හෝ තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග රහස් අංකය TAB < හිස්තැනක් > xxxxxx < හිස්තැනක් > ජාතික හැඳුනුම්පත් අංකය සමග 8866 ට කෙටි පණිවුඩයක් මඟින් යොමු කිරීමෙන් ක්ලෝගාර්ඩ්, පාරිභෝගිකයන්ට මේ සඳහා ඇතුළත් විය හැකිය. ඔක්තෝබර් 1 වැනි දා සිට නොවැම්බර් 30 දක්වා ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ.
නව ප්‍රවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ක්ලෝගාඩ් හි ජේෂ්ඨ සන්නාම කළමනාකාරිණී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. “අන්තර්ජාලය තුළින් අධ්‍යාපනය මේ වනවිට අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා. එහෙත් සෑම සිසුවකුටම පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා ප්‍රවේශයක් නැහැ. විශේෂයෙන් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට මෙම අන්තර්ජාලය මගින් ඉගෙනීමට මාරුවීමත් සමඟ බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. සැබැවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන් ක්ලෝගාඩ් හට අවශ්‍ය මෙම අඛණ්ඩ විද්‍යුත් ඉගෙනුම් කාලය තුළ මෙම සිසුන්ට සහයෝගය දැක්වීමයි. ටැබ් වාසනා වැඩසටහන මෙම දරුවන්ගේ ක්‍ෂණික අධ්‍යාපන අවශ්‍යතා සඳහා උපකාරී වනවා පමණක් නොව, වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකය තුළ ඔවුන්ට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබා ගැනීමට ද උපකාරී වෙනවා.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා