
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් 30000 බැගින් අල්ලස් ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම බස් නැවතුම්පොළ අසලදීය.
මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක හා අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියෙකුට විසින් සිදු කරන ලද පැමිණිලි දෙකක් මත පදනම්ව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර කලාකරුවා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාල විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට හා එම විමර්ශනයට අදාල ලිපියක් විදුහල්පතිනියට ලබා දෙන බව සහ ඒ සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන්ට මුදල් ලබා දෙන බවට පවසා රුපියල් 30000 ක් බැංකුගත කරනලෙස දැනුම්දී තිබේ.
එලෙසම අනෙක් ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසා එසේ අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදීම සඳහා ඔහුගෙන් ඒ ආකාරයෙන් රුපියල් 30000 ක අල්ලස් මුදලක් ඉල්ලා එම මුදලද බැංකු ගත කරන ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළාව ස්ථීර රැකියාව... මිනිසුන් රවටා අල්ලස් ගැනීමේ කලාව අතිරේක ආදායම් මාර්ගයක් හැටියට කරනවා ඇති...
ඔය, කියන කලාකරුවාගේ නම දාන්න බැරි කමක් තියෙනවාද?