IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මාන ලබති

(අංජුල මහික වීරරත්න)

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන 2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී අද (11) පැවැත්විණි. 

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්  සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වෙනි වරටයි. 

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිනත කලාකරුවෝ  200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මාන ලාභී කලාකරුවන් සඳහා  කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය , සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මාන ලබති

Kasthuri Wednesday, 11 October 2023 05:27 PM

මම රෝහණ කස්තුරි... මට ඔය කියන සම්මානෙ ලැබුණේ කලකට ඉස්සෙල්ලා.. ඒත් මට ලැබුණේ රුපියල් 5000ක් පමණයි. අනිත් ගාණට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කෙළින්න ඇති. මේ ඔක්කොම හොරු...!

:       0       0

Rata Perata Wednesday, 11 October 2023 05:32 PM

ඕවා දෙන්නේ ජනතා බදු සල්ලි වලින්. ඒක නිසා නලාකාරයින් වෙන්නේ නැතිව කොන්ද කෙළින් තියාගෙන ඉන්න.

:       9       9

විජිත් Wednesday, 11 October 2023 10:09 PM

සහතික ඇත්ත !!! දුප්පත් මිනිස්සුන්ගේ දහදිය මහන්සියෙන් හම්බකරන " සොච්චමින් " , බදු කියා රජයවිසින් සොරාගන්නා මුදල් වලින්, රටට සේවයක් කල කළා කරුවන් වෙනුවෙන් උපහාර දක්වනබවක් පෙන්වා - රටට කවමදාකවත් කිසිම සේවයක් නොකළ, රට විකුණාගෙන කාපු මිනීමරු හොර රැලක් මේ හදන්නේ අහිංසක ,දුප්පත් ,සංවේදී කලාකරුවන්ගේ මනස " බ්රෙන්වොෂ් " කරන්න නොවෙයි කියා කාටද කියන්න පුළුවන් ? රටට ඉමහත් සේවයක් කල ගරු කලාකරුවනි,කලාකාරියනි , රටේ සුවහසක් ජනතාව විසින් ඔබලාට ආදාරයෙන් පිරිනමන මේ සම්මාන පිළිගන්න, එහෙත් මහජනතාවගේ සම්මාන ඔබලාට පිරිනමන මහාජනතාව නියෝජනය නොකරන හොරුන් විසින් ඔබලාව " මෝහනය" කිරීමට දෙන " කැරට් " කෑමෙන් වලකින්න !!!

:       1       3

Bamunuarachchi Wednesday, 11 October 2023 08:08 PM

Rata peratu කාරයා කියන්නේ ඇත්ත. දැන් නලා කාරයා අනුර කුමාර ඔහු පස්සේ යන්න එපා ගියොත් වෙන්නේ peter piper නලා කාරයා පස්සේ ගිය මීයන්ට වෙන දේ.

:       1       0

Dayana Thursday, 12 October 2023 11:01 AM

රනිල්ගෙන් ගන්න සම්මානවල වටිනාකමක් නෑ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site