(අංජුල මහික වීරරත්න)

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ. විජේසිංහ මහතා 2026 -07 - 09 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පවතී. දැනට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි මහතා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.