IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිරළව පාලම වහයි

(කුෂාන් ජයවර්ධන)

ඉවුරු ඛාදනයත් සමග පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම  හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම තීරණය ගෙන තිබේ.

දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව දක්වා ජලය රැගෙන යනු ලබන දඹුළු ඔය හරහා ඉදිකර ඇති මෙම කිරළව පාලම අසළ ඊයේ දිනයේ සිදුව තිබූ බරපතළ ඉවුරුඛාදනයක් හේතුවෙන් ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබිණ.

කෙසේ වෙතත් මේ වනවිටද පවතින වර්ෂාවත් සමග උපරිම මට්ටමේ පවතින දඹුළු ඔය ජලාශයේ හදිසි වාන් දොරටුවලින් දඹුළු ඔය වෙත ජලය නිකුත් කෙරෙමින් පවතී.

පවතින වර්ෂාවත් සමග එම හදිසි වාන් දොරටු වසා දැමීමේ හැකියාවක් ද නොමැති බව ජලාශ කාර්යාලය කියයි.

ඒ අනුව පාලමේ පවතින අවධානම් තත්ත්වය සලකා ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස අද එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනා ගමන කටයුතු තාවකාලිකව අත්හිටවූ බව ගිරානේගම පොලිසිය කියයි.

මාර්ගය වසා දැමීම හේතුවෙන් මේ වනවිට පුබ්බෝගම සිට මඩාටුගම දක්වා වූ කිලෝමීටර් 04ක පමණ දුරක් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

මේ වනවිට ආඩියාගල දෙස සිට සිට මඩාටුගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පුබ්බෝගම දක්වා සීමා කිරීමට ඒ අනුව පොලිස් රථවාහන අංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ආඩියාගල සිට මඩාටුගම මාර්ගය ඔස්සේ මඩාටුගම, කැකිරාව හා දඹුල්ල වෙත ගමන් කළ රථවාහන මේ වන විට පුබ්බෝගම මංසන්ධියෙන් ජලාශ පාර ඔස්සේ දඹුල්ල දෙසට ධාවනය කරවීමට පොලිසිය පියවර ගෙන තිබේ.එබැවින් සිය ගමනාගමන කටයුතු වලදී එම මාර්ගය භාවිතා කරන්නේ නම් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ගිරානේගම පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.



අදහස් (0)

කිරළව පාලම වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site