IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිරළව පාලම ගිලා බැසීමේ අවධානමක

(කුෂාන් ජයවර්ධන)

දිගින් දිගටම පවතින අධික වර්ෂාවත් සමග දඹුළු ඔය හරහා මඩාටුගම කිරළව ප්‍රෙද්ශයේ ඉදිකර ඇති කිරළව පාලම මේ වනවිට ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබේ. 

දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව වෙත ජලය ගෙන එනු ලබන දඹුලු ඔය හරහා ඉදිකර ඇති එම පාලම අසළින් දඹුලු ඔයේ ඉවුරු දැඩි ලෙස ඛාදනයට ලක්වීමෙන් පාලම මෙලෙස ගිලා බැසීමේ අවධානමට ලක්ව තිබේ. පාලමට අසළ තිබූ කුඹුක් ගසක් ද මේ වනවිට ඉවුරුත් සමග දඹුලු ඔය මතට කඩා වැටී තිබේ. 

අද දිනය වනවිට අවධානමට ලක්ව ඇති මෙම පාලම මතින් ගමන් කරන රියදුරන්ට අවවාදාත්මක පුවරුද මේ වනවිට ප්‍රදර්ශණය කිරීමට ගල්කිරියාගම හා මඩාටුගම පොලිස් ස්ථාන මගින් කටයුතු කර තිබේ. 

කෙසේ වෙතත් පවතින වර්ෂාවත් සමග දඹුළු ඔය ජලාශයද මේ වනවිට ජලයෙන් පිරී පවතින අතර ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් දඹුළු ඔයට තවදුරටත් ජලය නිකුත් නිකුත් කිරීම හැර විකල්පයක් නොවන බව දඹුළු ඔය ජලාශ බාර නිලධාරීහු පවසති. ඒ අනුව මේ වනවිටත් තත්පරයට ඝන අඩි 2000ක පමණ ජල ප්‍රමාණයක් දඹුළු ඔය ජලාශයේ සිට දඹුලුඔය ඔස්සේ කලාවැවට මුදා හැරෙමින් තිබේ.

පාලමට හානි සිදුවුව හොත් එම ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට දඹුල්ල කැකිරාව නගර වෙත යාමට ඇති මං ඇහිරී යනු ඇත. එසේම එම ප්‍රෙද්ශවලින් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය වෙත සැපයෙන එළවලු ප්‍රමාණය ද සැලකිය යුතු මට්ටමකින් පහළ යනු ඇත.

දඹුලු ඔයේ කිරලව හා ඒ අවට ප්‍රෙද්ශවල කාලාන්තරයන් තිස්සේ සිදුවන වැලි ගොඩ දැමීම දඹුළු ඔයේ ඉවුරු මෙලෙස ඛාදනයවීමට හේතුවී ඇති බව ඒ අවට ප්‍රදේශවාසීහු පවසිති.



අදහස් (0)

කිරළව පාලම ගිලා බැසීමේ අවධානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site