
( රෙමේෂ් මධුෂංක)
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පැවසීය.
කේරළ ගංජා කිලෝ 304 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් මෙහි තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි 12කට අධික බව නාවික හමුදාව කියයි.
කිලිනොච්චිය උඩුතුරෙයි සහ මරදන්කේනි අතර මුහුදු ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අයත් නාවික නිලධාරීන් පිරිසක් සහ කිලිනෙච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බොට්ටුවක් නිරීක්ෂණය වී ඇත.
පසුව අදාල බෝට්ටුව ලුහුබැඳ ගොස් පරික්ෂා කිරීමේදී බොට්ටුව තුළ සඟවා තිබූ මෙම කේරල ගංජා තොගය සොයාගත් අතර පසුව ඩිංගි යාත්‍රාවද සමගින් එහි සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කිලිනොච්චිය මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි