(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය සම්බන්ධ මහා පරිමාණ මුදල් වංචාවට ආධාර අනුබල දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය රුපියල් 50,000 මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය.
විදෙස් ගමන් තහනමට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කළේය.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මහතාට අයත් රුපියල් මිලියන අසූවක මුදලක් වංචා කළැයි මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්නේ නැතුව කොහොමද. එයාගෙ බේබි හුරතල් කරන්න තියනවා නේ.
ඇප නොදුන්නා නම්? ගොතන ලද පරම්පරා උරුමයන් හා කුණු? ඉතිරි ටික කාටකාටත් හිතාගත හැකිවේවි..!