(සුජිත් හේවාජුලිගේ)
සීමාසහිත ලංකා පොස්පේට් සමාගම අලුත් යන්ත්‍රයක් වෙනුවට පාවිච්චි කළ ක්‍රෂර් (crusher) යන්ත්‍රයක් මිලදී ගෙන පාවිච්චි නොකර අතහැර දැමීම නිසා එම ආයතනයට තුන්කෝටි හතළිස් හය ලක්ෂයක පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම යන්ත්‍රය ස්ථාපනය කර දින සිට මේ දක්වාම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැතැයි පවසන එම වාර්තාව යන්ත්‍රය අනාරක්ෂිතව තැබීම නිසා (2014 වර්ෂයේ සිට) විනාශ වෙමින් පවතින බවද සඳහන් කළේය.
මෙම පාඩුව යන්ත්‍රය මිලදී ගැනීමට සම්බන්ධවූ නිලධාරීන්ගෙන් අයකර ගත යුතු වුවත් සමාගමේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
යන්ත්‍රයේ කිසිම කොටසක වර්ගය,මාදිලිය, නිෂ්පාදන සමාගම හෝ නිෂ්පාදන රට පිළිබඳ කිසිදු තොරතුරක් අඩංගු නොවන බව එවකට නිෂ්පාදන කළමනාකරු විසින් ලිඛිත ඡායාරූපමය සාක්ෂි සහිතව සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දෙනු ලැබ තිබූ බවද වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් කලබල වෙන්න එපා. අපේ රටේ වරද කරුවන්ට දඩුවම් දෙන බවක් අපි නම් අසා නැත. ඉස්මුදුනේ සිට දෙපතුල දක්වා හැමෝම බය නැතුව දූෂණ වංචා කරන්නෙ ඒ නිසයි.