
(අජිත්ලාල් ශාන්ත උදය)
කුරුවිට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මත කරගැනීමට පාලක ජාතික ජන බලවේග කණ්ඩායම සමත් විය.
සභාපති විකසිත පුෂ්පසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි .
කුරුවිට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැයට පක්ෂව ජන්ද 27ක් ලැබුණි. විපක්ෂව ජන්ද 19ක් ලැබුණි. කුරුවිට ප්‍රාදේශීය සභාවේ මුලු සභික සංඛ්‍යාව 46කි. පාලක ජාතික ජන බලවේගයේ සභික සංඛ්‍යාව 20කි. සභාවේ උපසභාපති ධූරය පොදු ජන පෙරමුණ නියෝජනය සභිකයින් තිදෙනාගෙන් කෙනෙක් උසුලයි.
අයවැයට පක්ෂව මාළිමාවේ සභිකයින් 20දෙනා සමග පුටුවේ සභිකයින් 03දෙනා, පාපන්දුව ලකුණින් ස්වාධීන ඉල්ලූ දෙදෙනා , පොරොව ලකුණින් ස්වාධීනව ඉල්ලූ එක් සභිකයෙක් සහ වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයෙන් ඉල්ලූ නියෝජිතය ජන්දය දුන්නේය .
අයවැයට විරුද්ධව සමගිජන බලවේග කණ්ඩායමේ සභිකයින් දහදෙනා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් හයදෙනා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් දෙදෙනා සහ පොරොව ලකුණින් නියෝජනය කරන එක් සභිකයෙක් සමග ජන්ද19ක් ලැබුණි.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුවිට ප්‍රා.ස. අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි