



( එච්. චන්දන)
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වූ තබ්බෝව ගොවි ජනපදයේ ගොවි බිම් සරු කරන තබ්බෝව ජලාශය මේ දිනවල ජලයෙන් පිරී ඇති අයුරු පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කරන අයට දැක ගත හැක.
තබ්බෝව ජලාශය දිවංගත අග්‍රාමාත්‍යවරයකු වූ මහාමාන්‍ය ඩි.එස්. සේනානයක මහතාගේ දැවැන්ත නිර්මාණයකි.
තබ්බෝව ජලාශයේ ජලය පිරීමත් සමග විවිධ පක්ෂීන් පැමිණ අලංකාරය ගෙන දෙයි. මේ සුන්දරත්වය මේ දිනවල දැකිය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තබ්බෝව ජලාශයේ වතුර පිරිලා. අවට පරිසරයත් අතිශයින්නම සුන්දරයි. කෝ ඉතින් ඔයාලා පේන්න නැහැනේ. ඔහොම හැංඟි, හැංඟි ඉඳල හරියන්නෙ නැහැ. ඔයාලගෙ සුන්දරත්වය ඔය පැත්තෙ යන එන අයට යහමින් දැක ගන්නට ලැබුනට, අපට පේන්න ටිකක් විතර ලං වෙලා ඉන්නකෝ... මම කුරුල්ලන්ට ආදරෙයි. ඔයාලා ගැන ලියවුන මියුරු ගීත අහන්නත් ආසයි. වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ලද මේ මියුරු ගීතය ඔයාලත් අහල බලන්නකෝ... හරිම ලස්සනයි.....".කුරුල්ලන්ට ගී හදන්න..... ගහට කොළට පාට වෙන්න...වීසි කළෙමි හදේ තිබුණ ආදරයයි, කරුණාවයි..කාටවත් නොදී..."
" ලානිල් අහසෙ වර්ණය දිය මත වැටිලා ... සුන්දර කුරුලු රැල තරගෙට උඩ පැනලා ... විඳිනා සතුටු සිතිවිලි වළ සුව දැනිලා ... පැන පිහිනන්න මගෙ සිත පොරකයි දුවලා ... "
විජිත්, රවීන්ද්‍ර, සමිත ඔයාලා තුන් දෙනාටම බොහෝම ස්තූතියි.. ඇත්තටම හිස් අවකාශයේ නිදහසේ පියාපත් විහිදා ඉගිලෙන කුරුල්ලන්ට තියෙන නිදහස මිනිසුන් වූ අපට තිබේද.?...සමාජ ප්‍රශ්න, ජීවන ප්‍රශ්න අනෙකුත් මෙකී නොකී ප්‍රශ්න හමුවේ තැලෙමින් ජීවන ඔරුව පදවාගෙන, යන මේ දුෂ්කර ගමනේ, ස්වභාව ධර්ම අම්මාගෙන් ලැබුන මේ අනගි සම්පත් ටිකත් යම් දවසක ගිලිහී ගියොත්..? සමිත ඔයාගෙ ලස්සන කවියත්, විජිත්ගේ ලස්සන නිසදැසත් කියවා දවසම නැවුම් හැඟීම් වලින් පිරුනා. මෙවැනි අගනා චායාරූප අප වෙත පිරිනමන ලංකාදීපයට බොහොමත් ස්තූතියි...