IMG-LOGO

කොරියන් යන ගුවන් යානය අදත් ප්‍රමාදයි: තරුණයන්ගේ රැකියා අනතුරේ

(ටී.කේ.ජී.කපිල)

දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන තරුණයන් පිරිසක් ද රැගෙන ඉන්චියොන් බලා අද (20) රාත්‍රියේ පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානය මෙවර ද ප්‍රමාද වීමකට ලක් වී තිබීම නිසා ඔවුන්ගේ රැකියා අහිමි වී යාමේ අවදානමක් මතු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි .

දකුණු කොරියාවේ ඉන්චියොන් බලා අද රාත්‍රී 08.50 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා මෙසේ ප්‍රමාද වීමකට ලක් වී තිබේ .

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 181 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි අතර , ඒ අතරින් එරට  රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකික තරුණයන් 60 කට ආසන්න පිරිසක් ද සිට තිබේ .

ඔවුන්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිස සියලු නිශ්කාශන කටයුතු ද නිමා කර තිබූ අතර , මේ වනවිට ඔවුන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

පසුගිය මාසයේදීත් මේ ආකාරයට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රමාද වීමකට ලක් වී තිබීම නිසා , එම ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිට සිටි තරුණයන්ගේ රැකියා අවදානමකට ලක් වී තිබුණි .



අදහස් (6)

කොරියන් යන ගුවන් යානය අදත් ප්‍රමාදයි: තරුණයන්ගේ රැකියා අනතුරේ

Asela Tuesday, 20 June 2023 11:28 PM

උඔලට වෙන flights නැත්ද බං ඔය පතෝල මැස්සෙම එල්ලිලා යන්නේ.

:       0       16

de silva berlin Tuesday, 20 June 2023 11:38 PM

රැකියා අවදානම නොව ජීවිත අවධානම ගැන කල්පනා කරලා මේකේ යන්න ඉස්සරවෙලා දෙවරක් කල්පනා කරලා බලන්න .පසුගිය මාස 3 ඇතුලත ශ්‍රී ලංකන් යන මම දන්නා තරමින් 7-8 වතාවක් කාර්මික දෝෂ නිසා ගුවන් ගමන් අවලංගු කල බව දුටුවා

:       1       12

siri lankan api Wednesday, 21 June 2023 03:52 AM

මේ සිරි ලන්කන් එකෙන් රට යන උන්ට සෙතකුත් නැහැ. රටෙ ඉන්න එවුන්ට සෙතකුත් නැහැ. මෙය වහාම විකුනා හො වසා දැමිය යුතුය.

:       0       17

Senarath Wednesday, 21 June 2023 08:59 AM

මේ ප්‍රමාධයන් පිටුපස යම් කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් .වගකිව යුත්තෝ මේ ගැන සොයා බලන්න ඕනේ

:       0       12

de silva berlin Wednesday, 21 June 2023 12:12 PM

සෙනරත් මහත්මය මට පෙනෙන්නෙ මෙතන තිබෙන්නෙ කුමන්ත්‍රනයක් නොව ඉතා දුර්වල පරිපලනයක් , සමහර විට පාලකයො හෝ සේවකයො තුන්වෙනි පාර්ශවයකින් කොමිස් හෝ අල්ලස් ලබාගන්න හිතා මතාම කඩාකප්පල්කාරි වැඩ කරන්වද දන්නෙ නැහැ , මොනව වුනත් ජිවිත සහ පල අනතුරෙ ඩමමමින් , භන්ඩගරෙ මුදල් නාස්ති කරමින් මෙ විදිහට දිගටම කරගෙන යන්න බැහැ , රජය වහාම මෙ පිලිබඳව තීරනයක් ගන්න ඔනෙ.

:       0       7

පුරවැසියෙක්. Wednesday, 21 June 2023 03:40 PM

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවදුරටත් පවත්වාගෙන යාමේ තේරුමක් තිබේද යන්න නැවතත් සිතා බැලිය යුතුයි. කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 676 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site