
(සිසු නායක මඩුල්ල )
කුරුණෑගල ,කිරිබමුණ විදුහලේ 2025/2026 වසරට ශිෂ්‍ය නායක ,නායිකා නිල ලාංජන පැළදවීමේ උත්සවය පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.
සිසු සිසුවියන් 600ක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලේ , සිසු සිසුවියන් 40 දෙනකු සඳහා නිල ලාංජන පැළඳවුණ අතර විදුහල්පති එම් එම් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස එන්. ඩබ්ලිව්. ජී . ගිසර දිනාල් සිසුවා නිල ලාංජන පැළදි අතර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඩබ්ලිව් ආර් .එම්. යු. ඉඳුමිණි නිම්නාදී සිසුවිය නිල ලාංජන පැළදියාය.
එසේම මෙයට සමගාමිව පාසලේ විදුහල්පතිවරයා වන එම්.එම්. සෙනරත් ගුරු මහතා සිය වසර තිස් හයක පමණ ගුරු සේවයට විශ්‍රාම දීමේ උපහාර උත්සවයක්ද සංවිධානය කර තිබිණි.
සෙනරත් මහතා සිය සේවා කාලයේ වසර 10ක කාලයක් තමා ඉගෙනගත් පාසල වන මෙම කිරිබමුණ පාසලේ සේවය කර සිය ගුරු දිවියට විශ්‍රාම දීම ද මෙහිදී විශේෂත්වයකි.
පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරියන් වන එම්.එම්.ජී.කේ මාරසිංහ මහත්මිය , ජී.එම්. පී. කුමාරිහාමී මහත්මියගේ සහ ගුරු මණ්ඩලයේ උපදෙස් හා අධික්ෂණය යටතේ මව්පියන්ගේද සහය ඇතිව මෙම උත්සව සංවිධානය කර තිබිණි.
ඉබ්බාගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මානව හා ශ්‍රාස්ත්‍ර) ඩබ්ලිව් .එම්. සෙනවිරත්න ,ගස්සන්දළුපොත විද්‍යාලයේ විදුහල්පති කේ එම් එන් කුලතුංග ,කුඹුක්වැව විද්‍යාලයේ විදුහල්පති ඒ.පී චමින්ද වීරසිංහ ,මානපාය විදුහලේ විදුහල්පතිනිය ජේ .ඒ සංජිවනී ජයලත් මහත්මිය, මව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාවන්ට එක්ව සිටියහ.

(ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස එන්. ඩබ්ලිව්. ජී . ගිසර දිනාල් සිසුවා )

(ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඩබ්ලිව් ආර් .එම්. යු. ඉඳුමිණි නිම්නාදී සිසුවිය)

(ගුරු මණ්ඩලය)






(විශ්‍රාම ලැබූ විදුහල්පතිවරයා විද්‍යාලයට කැඳවාගෙන එමින්)

(විදුහල්පතිවරයාට සමරු තිලිණයක් ලබා දිම)
2025 නොවැම්බර් මස 04
175
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරිබමුණ විදුහලේ 40කට ශිෂ්‍ය නායක පදවි