(අංජුල මහික වීරරත්න)

කිරිඳි ඔයේ තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහා ගංවතුර තත්ත්වයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත් බිම් වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසද අනතුරු අඟවනු  ලබයි.