(එම්.සුසිල් පියන්ත සහ  ජනක් ද සිල්වා)

කරන්දෙණිය කිරිපේද්දේ   පාරක  තිබී තියුණු ආයුධයකින් කපා කොටා අභිරහස් අයුරින් ඝාතනය කරන එක් දරු පියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඝාතනය සඳහා යොදාගත් කඩුවක්,යතුරු පැදියක් සමග කරන්දෙණිය කිරිපේද්ද හතේ කණුව පාලු නිවසක සැගවී සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

ඉකුත් 4 වැනිදා මේ සැකකරුවන් ඝාතනය කර තිබුණේ  කරන්දෙණිය ,කිරිපේද්ද ,හතේ කණුව ලිපිනයේ පදිංචි ශෂික පේමරත්න නමැති තිස් දෙහැවිරිදි එක් දරු පියෙකු බවද පොලීසිය කියයි.

 කුවේට් රාජයයේ සිටන මෙරට මත් ජාවාරම්කරුවෙකුගේ  කොන්තාත්තුවක් මත මේ ඝාතනය සිදුකර ඇති බවත්,  ඝාතනයවූ තැනැත්තා මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට උඩදී ඇප මත නිදහස්ව සිටි අයෙකු බවද පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය යක්කටුව පදේශයේ පදිංචි වයස 27,30යන වයස්වල පසුවන්නන් බවත් සැකකරුවන් දෙදෙනාම ඝාතනයවූ තැනැත්තාගේ මිතුරන් බවත් පොලීසිය කියයි.