(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5340 න් 5000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
ඊන් පුද්ගලයන්ගෙන් 177 දෙනකු පමණක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතැයි ද එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු ද මරණයට පත්වූ අය අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබියදී මරණයට පත්වූ පුද්ගලයන්ට වෙනත් රෝගයක් හෝ කීපයක් තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තද මහත්තයෝ ?
හරි එතකොට ඔය එන්නත විදින්න පටන් ගත්තේ කවද්ද? එන්නත් දෙකම විදලත් ජීවිත අහිමි වුනේ ඇයි? මේ රටේ මිනිස්සු තණකොළ කාලා පුන්නක්කු බොනවා කියලද හිතන් ඉන්නේ ඕවා පිළිගන්න...
palakayo danaganna one kalata welawata mahajanayata ewa laba denna.chande vitharak balagena wada kalata hariyanne naha.ohelatatath ohoma atha pihidagena iwara wenne nahe.jathi jathi ipadena athmayak gane patisan denawa.hodata hitapu minissu amu amuwe mara dammata. thamusela ta kiyanna thibuna karana vidiya ahanne nathinam thanathurata lobakame inne nathiwa ayin wenna thibuna.thamuselatath oya sape wavinawa.balagena inna. පාලකයෝ දැනගන්න ඕනේ කලට වෙලාවට මහජනයාට ඒවා ලබා දෙන්න .චන්දේ විතරක් බලාගෙන වැඩ කලාට හරි යන්නේ නැහැ .ඔහෙලාටත් ඔහොම අත පිහදාගෙන ඉවර වෙන්නේ නැහැ . ජාති ජාති ඉපදෙන ආත්මයක් ගානේ පඩිසන් දෙනවා .හොඳට හිටපු මිනිස්සු අමු අමුවේ මරා දැම්මාට .තමුසෙලාට කියන්න තිබුනා කරන විදිය. අහන්නේ නැතිනම් තනතුරට ලෝබකමේ ඉන්නේ නැතිව අයින් වෙන්න තිබුනා .තමුසෙලටත් ඔය සාපේ වදිනවා .බලාගෙන ඉන්න
එන්නත් ගැසූ 340 මැරෙන්න ඇත්තේ එන්නත් ගසා ප්‍රතිදේහ ගොඩනැගීමට අවශ්‍ය කාලය ඇති තරම් නොලැබුනු නිසා විය හැකියි. හොද වෙලාවට සෞඛ්‍ය ඇමතිනි නැතිව චන්න ජයසුමන මහතා මෙය නියාමනය කරන්නෙ. ඇමතිනි රටටම විහිළුවක් වූ බව නොකියා බැහැ.
ඔය පැණිය ප්‍රමෝට් කරනකොට ඔහොම කිව්වේ නෑනේ..!!!
පළමු තැන ප්‍රභාට, දෙවැනි තැන ගෝඨාට...!!!
ඔය කියන්නේ කලින් එන්නත් කලානම් මිනිස්සු මැරෙන්නේ නැහැ කියලානේ .කලින්ම එන්නත් ගේන්න කිවුවාම ඕනේ නැහැ කිව්වේ ආණ්ඩුවනේ .එතකොට ආණ්ඩුව වග කියන්න ඕනේ මේ මරණ වලට
එන්නත නම් ඕකට විසඳුම... ඕක ගහලා ඉවර කරන්නකෝ. දවසින් දවස කතාව මාරු කරන එකනේ කරන්නේ.
පුදුම කරුමේ කියන්නේ, තව මාස 02කින් වත් පාස්කරන්න තියෙන දේ දැන් කරන්න ගිහින් මේ මිනිස්සු මියයනවා කියන එක මේ කාටවත් තේරෙන්නේ නැති හැටි.. එන්නත් 2 දීලා ඒවායේ ප්‍රතිශක්තිකරණය ඇති වෙනකම් ලෙඩේ බෝ වෙන එක නතර කරගන්න බලන්නේ නැතිව මේ මොන කුණුහරපද කියවන්නේ.? මෙතන තියෙන්නේ තනිකරම තීන්දු තීරණ ගැනීමේ වැරැද්දක්...
ඔය කතාව බොරු. 78 ක් මැරුන දවසට පමනක් 2 පාරක් ගහපු අය 7, 1පාරක් ගහපු අය 41 ක් හිටියා.