










(එම්. සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන් පිරිසක් අක්කරයක වපසරියකින් යුතු කුඹුරක් අස්වද්දවීමට කටයුතු කර ඇත.
ඔවුන් අස්වද්දා තිබුණේ විදුහලට අයත්, වසර 23ක් පුරන් වී ගිය කුඹුරකි. 1996 වසර වනතෙක් මෙම කුඹුර ගොවීන් විසින් අස්වද්දා තිබූ අතර, පසුව එය වල් බිහි වී පුරන් වී තිබිණි.
වල් බිහිවී, වනාන්තරයක් බවට පත්ව තිබූ කුඹුර එළිපෙහෙළි කළ මෙම සිසුවෝ කුඹුරු කෙටූ පළමු සිසු පිරිසද වෙති.
මේ වැඩසටහනේ නියමුවා වූයේ විදුහලේ චිත්‍ර විෂය භාර ගුරු මාලක විජේසේකර මහතාය.
ගොවියන් ලෙස සැරසුණු සිසුන් කුඹුරු කෙටූ අතර, සිසුවියෝ ගෙවිලියන් ලෙස සැරසී පැමිණ සිටියහ. කුඹුරේ වප් මගුල් උත්සවයද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් කොලිජියේ පොඩි ගොවිරාළලා කුඹුරට බහින්නේ කවද්ද?
මෙය වියයුත්තක්... රට වෙනස් වේගෙන යනවා. හරිම සන්තෝසයි. අපි විදේශවල වැඩකරලා එවන සල්ලි රටේ ආයෝජනය කරලා දියුණු වෙමු.
පොඩි ගොවි රාලලා කෙසේවෙතත් වැඩටික නම් කරලා තියෙන්නේ... ලොකු ගොවිරාලලා වගෙයි මට නම් පේන්නේ... කොහොම නමුත් හොඳවැඩක්..
අපේ රට සහ රටේ දරුවන්ගෙන් 60%ක් කිසිඳු තාක්ෂණික හෝ උසස් අධ්‍යාපනයකින් තොරව, දෑතේ-දෙපයේ කර්මාන්තයකින් තොරව ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. නැතිනම් ත්‍රීවීල් එකකට වෙලා කාලේ කනවා. එහෙමත් නැතිනම් සුළු රැකියාවක් කරලා හතර වටේට ණය වෙනවා. මේ බව අපේ රටේ සංඛ්‍යා ලේඛන වල තියෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දන්න අපේ තරුණ ප්‍රජාව දිරි ගන්වන්න හැකියි. රජය මැදිහත්වෙලා රැකියාවක් නොමැති තරුණයින්ට කුමක් හෝ වගාවක් සඳහා පුරන් වූ කුඹුරු අක්කරය බැගින් බෙදා දී එම අක්කරය වගා කරන්න යන වියදම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට දරමින් අස්වැන්න හෝ ඵළදාව සෑම අයෙක්ටම මනාව බෙදී යන විදිහේ වැඩපිළිවෙලක් ඇති කලොත් මේ රටේ ආර්ථිකයට හානියක් නොවී රජයේ භාණ්ඩාගාරයට බරක් නොවී අපේ රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් නැවත ගොඩනගන්න හැකි වේවි...!!!
හොඳ වැඩක්, ගොවිකම කියන්නේ ලැජ්ජාව කියලා හිතුවොත් කන්නත් නැහැ...!
මේවා හුදෙක් මාධ්‍යයට පමණක් සිමා නොවිය යුතුයි. දිරිය දුන්නොත් අපේ තරුණ පරපුර නොකඩවා මෙවැනි දේ ඉදිරියටත් කරගෙන යාවි..
කරන්දෙණියෙ පුරන් කුඹුරු කුරුඳුවත්තෙ නැත. තවමත් උදලු වලින් පුරන් කොටන ලංකාවෙ ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දීමට රජය මැදිහත් විය යුතුය. මෙය හොද ආරම්භයක් .
නියමයි. අගය කළ යුතු වගේම තව තවත් දිරිමත් කර වැඩි දියුණු කළ යුතුයි
හරිම අගෙයි පුතේ.. මේ පුතාලව දිරි ගන්වපු ගුරු උතුමාණන්ටත් අපේ ප්‍රණාමය... මෙය සිදුවිය යුතු දෙයක්... හැම බිම් අඟලක්ම සුපිරි නිවාස හදන්න දෙන්නේ නැතුව අපේ පුරන් වෙන කුඹුරු අස්වද්දන්න අලුත් පරපුරට උනන්දුවක් දෙන්න ඕනෑ. ගොවි කර්මාන්තය කියන්නේ ලෝකෙන්ම උතුම් කර්මාන්තය. අපි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ ගොවි මහත්වරුන් දුක් විඳලා ගෙට ගන්න වී කරලේ බලයෙන් කියන එක කවදාවත් අමතක කරන්න එපා.. දකුණු ආසියාවෙන් සහල් අපනයනය කරන අනෙකුත් රටවල යොදා ගන්න අලුත් තාක්ෂණය (රසායනික ද්‍රව්‍ය නොවේ) අපේ ගොවි කර්මාන්තයටත් ලබාදිය යුතුයි. ඒ වගේම පොහොර සමාගම් වල අතකොලු වෙච්ච කෘෂි උපදේශකවරුන් එලවා දමා ඒ තනතුරුවලට නිවැරදි පුද්ගලයන් පත්කළ යුතුයි. ලංකාවේ මිනිස්සු පාන් පිටි කන ජාතියක් නොවෙන්නට මේ ක්‍රියාව ඉතාම හොඳ උත්සාහයක්... ගුරු උතුමන්ටත් මේ දරු දැරියන්ටත් අපේ ඉහළම ප්‍රණාමය..!!!
අපි යමු පරාක්‍රම රජු කාලයට... අපේ රට අපි විසින්ම දියුණුකර ආර්ථිකය හදාගමු. මෙය හැම දේකටම අලුත් තාක්ෂණය යොදාගත යුතුවේ.
නිර්මාණශීලි ගුරුතුමාට හා දරුවන්ට ජාතියේ ප්‍රණාමය...!