(යොහාන් භාසුර)
‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ පෞද්ගලික බස් ගාස්තු සියයට 20 ක ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බවත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමෙන් බස් ගාස්තුවට ඇතිවූ බලපෑම ඉතා සුළු ප්‍රතිශතයක් බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (2) පැවසීය.
බස් රථවල ආසන ධාරිතාවට පමණක් මගීන් ගෙන යෑම හේතුවෙන් එම සියයට 20 ක ගාස්තුව ඉහළ දැමූ බව කී මිරැන්ඩා මහතා එම නීතිය වර්තමානයේ ක්‍රියාත්මක නොවීම නිසා ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලූ බව ද සඳහන් කළේය.
එම අඩු කිරීමට අවසර ලැබුණ හොත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමේ වාසිය ද එයට එකතු කිරීමේ හැකියාව ද ඇති බව මිරැන්ඩා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd